Monday, 17 December 2018
ආබාධිත රණවිරුවන් ලෝටස් පාර වසයි(ඡායා)

ආබාධිත රණවිරුවන් ලෝටස් පාර වසයි(ඡායා)

තම විශ්‍රාම වැටුප කපා හැරීමට විරෝධය පළ කරමින් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය නියෝජනය කළ විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.

 මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යු.බී.වසන්ත මහතා සඳහන් කළේ යෝජිත සේවා විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් රණවිරුවන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට වත්මන් ආණ්ඩුව මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.

ත්‍රිවිද හමුදාව හා පොලීසිය නියෝජනය කළ විශ්‍රාමික පිරිසක් විසින් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාරදීම සඳහා යාමට උත්සහ කිරීම හේතුවෙන් කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇති බව වාර්තා වෙයි.

 මේ සඳහා කඩිනමින් විසඳුමක්  නොලැබුණහොත් කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණ උපවාසයක් අරඹන බවද ඔවුන් සදහන් කර සිටියි.

මේ හේතුවෙන් කොළඹ-ගාලු මුවදොර මාර්ගයේ වාහන ගමනා ගමනයටද බාධා එල්ලවී තිබේ.

කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර දෙසට වන මාර්ගය  වසා දමා ඇති බව වාර්තා වෙයි.

Soiljers 600px 31 10 16