Wednesday, 20 October 2021
කෝප් වාර්තාව අද මැතිසබයට : අර්ජුන් විදෙස් ගතවේ

කෝප් වාර්තාව අද මැතිසබයට : අර්ජුන් විදෙස් ගතවේ

මතභේදයට තුඩුදී ඇති මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට අද (28 ) ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (27 ) රටෙන් පිටව ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ සවස කටුනායකින් මෙරටෙන් පිටව ගිය බවට තමාට ආරංචි වූ බවත් ද්විත්ව පුරවැසිභාවයකට හිමිකම් කියන ඔහුගේ ගමන් බලපත්‍රය තහනම් කිරීමට රටේ නීති ප්‍රමාණවත් නැති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී අදහස්‌ දක්‌වමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

ලංකාවෙන් පැන ගියේ නෑ:

මේ අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පවසන්නේ, තමන් ලංකාවෙන් පැණ ගිය බවට පලවන වාර්තා අසත්‍ය බවයි.

ඊයේ පස්වරුවේ හදිසියේම සිංගප්පූරුව බලා යාම සම්බන්ධයෙන් පලවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඔහු සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ මෙසේ සටහනක් තබා ඇත.