Wednesday, 20 October 2021
“2019දී ගුරු හිඟය අවසන්"

“2019දී ගුරු හිඟය අවසන්"

අධ්‍යාපන කේෂත්‍රයේ පවතින ගුරු හිඟය 2019 වන විට සම්පුර්ණයෙන්ම අවසන් කිරිමට සියලු කටයුතු යොදා ඇති බව රජය කියා සිටී.

මේ අතර ඉදිරි අයවැය යෝජනාවලියේදී අධ්‍යාපනය වෙනුවෙන් ඊට සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටී.

රටක් ආර්ථික, සමාජ, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් ගොඩනැගිය හැක්කේ අධ්‍යාපනය දියණු කිරිමෙන් පමනක් බව රජයේ ස්ථාවය බවද එම කාර්යාලය සඳහන් කරයි.

යහපාලන ජාතික රජයේ දින 1500 ආර්ථික සැලැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් පසුගියදා විශේෂ ප්‍රකාශයක්ද සිදුකර තිබිණි.

- සුජිත් මංගල ද සිල්වා