Wednesday, 20 October 2021
වීර කැප්පෙටිපොළත් රාජ්‍ය ද්‍රෝහීන්ගේ ලැයිස්තුවේ

වීර කැප්පෙටිපොළත් රාජ්‍ය ද්‍රෝහීන්ගේ ලැයිස්තුවේ

මෙරට නිදහස් සටනට උරදුන් වීර කැප්පෙටිපොළ දිසාවේගේ නම තවමත් රාජ්‍යද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට ජාතික වීරයින් 19 දෙනකු දේපළ හා මුදල් පිළිබඳව ගැටලුවක් හේතුවෙන් රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර නොමැති බවද පැවසේ.

බ්‍රිතාන්‍ය රජයට එරෙහිව කැරළි ගැසීමේ චෝදනාවට 1818 ජනවාරි 10 නිකුත් කළ ගැසට් පත්‍රයෙන් මෙම ජාතික විරුවන් රාජද්‍රෝහීන් ලෙස නම් කර ඇති බවද නියෝජ්‍ය ඇමැතිවරයා පවසා තිබේ.

රාජද්‍රෝහීන් ලෙස නම් කර ඇති එම විරුවන් එයින් මුදවා ගැනීමට අධිකරණ අමාත්‍යංශය මැදිහත් විය යුතු බවද තෙවරප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස නියෝජ්‍ය ඇමැතිවරයා එම ප්‍රකාශය සිදු කළේය.