Sunday, 29 March 2020
සංශෝධිත පනතට නීතිඥ සංගමයේ විරෝධය

සංශෝධිත පනතට නීතිඥ සංගමයේ විරෝධය Featured

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රාඥප්තියෙන් ලබා දී ඇති අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයේ සංශෝධනය යෝජනා වී ඇති බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊට විරෝධය දක්වා ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, අධිකරණ ඇමැතිවරයාට ලිපියක් යොමු කර ඇත.

අප කළ විමසීමක දී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා පැවසුවේ, සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පළමු ප්‍රකාශය කිරීමෙන් පසු නීතිඥවරයාගේ සහයෝගය ලබා ගත යුතු බවට සංශෝධනය යෝජනා වී ඇති බවත් නීතිඥ සංගමය එයට විරෝධය පළ කළ බවත්ය.

සැකකරුවකු පළමු ප්‍රකාශය ලබා දීමෙන් පසුව නීතිඥයා හමුවීමෙන් පලක් නොමැති බවත් අපරාධ විමර්ශන ක්‍රියාවලිය ආරම්භයේ සිටම නීතිඥ සහාය ලබා ගැනීමේ අයිතිය පුරවැසියන්ට ඇති බවත් ඔහු කීය.

අත්අඩංගුවේ සිටින සැකකරුවන්ට සහාය වීමට නීතිඥයන්ට ඇති අයිතිය නැතිකිරීමේ ප්‍රයත්නයක් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට ප්‍රතිසංශෝධනයක් ඉදිරිපත් කිරීමේ මුවාවෙන් ගෙන ඒමේ උත්සාහය මේවනවිට මානව හිමිකම් සංවිධාන වල බලවත් විරෝධයට ලක්ව ඇත.

සබැඳි පුවත් :

මූළික අයිතියක් නැතිකිරීමට කරන ලද උත්සාහයක් !

පොලිස් අත්අඩංගුවට පත් වන්නෝ අමාරුවේ