Thursday, 18 July 2019
‘කොමිසම් වාර්තා මහජනයා ට හෙළිදරව් කළ යුතුයි’

‘කොමිසම් වාර්තා මහජනයා ට හෙළිදරව් කළ යුතුයි’

සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ අවසන් වාර්තාව ඇතුළු මෙරට පවතින සියළු කොමිසම් විසින් මේ දක්වා ජනතාව ට හෙළිදරව් නොකළ වාර්තා මහජනයා ට එළිදැක්විය යුතු බව ශිෂ්ටලංකා2015 එකතුව පවසයි.

ඔවුන් මෙලෙස ඉල්ලා ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විවෘත ලිපියක් යොමු කරමිනි.

“මේ වනවිට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව කතා කෙරෙන අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු යෝජනාවක් වසර මුලදී සම්මත කෙරුණි. මූලික කෙටුම්පත් කිරීම් සඳහා පත් කරනු ලැබූ කමිටු වාර්තා මේ වනවිට සම්පූර්ණ කෙරී ඇතැයිද වාර්තා වන්නේය. එහෙත් ඒ කිසිඳු කෙටුම්පත් කිරීමක් සමාජ කතිකාවකට යොමු කර නැත. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී විවෘත හා දියුණු ජන සහභාගිත්වයක් අත්‍යාවශ්‍ය යැයි දැන් පිළිගනු ලබන්නකි. එසේ නොවුනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුපත් කිරීමේ ‍ක්‍රියාවලිය මීට වඩා ඉවසීමකින් හා කාලයක් වැය කරමින් පමණක් නොව, මූලික දේශපාලන වෙනස්කම් තිබියදීත් පොදු එකාගත්වයක්ද ඇතිව සර්ව පාක්ෂික නියෝජිත කමිටුව මගින් සාර්ථකව අවසන් කරනු ලැබිණැයි අපි විශ්වාස කරමු,” යැයි එහි දැක්වේ.

“එබැවින් ඔබගේ ආණ්ඩුව විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන මේ මොහොතේ එම අවසන් වාර්තාව ජනතා කතිකාවකට තැබීම අතිශය වැදගත් යැයි අපි විශ්යාස කරමු. එළෙසින්ම ජනාධිපති ලෙස එය මේ මොහොතේ ජනතාව හමුවේ තැබීමේ වගකීමක්ද ඔබ සතුව ඇතැයි අපි කියමු.”

ශිෂ්ටලංකා2015 විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය මෙසේය.

DecentLanka1 600px 16 10 07

DecentLanka2 600px 16 10 07

-ශානි-

Last modified on Friday, 07 October 2016 13:53