Tuesday, 21 May 2019
ජාතික වැඩිහිටි දින සැමරුම මහනුවරදී

ජාතික වැඩිහිටි දින සැමරුම මහනුවරදී

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන ජාතික වැඩිහිටි දින සැමරුම් උළෙල අද (01) මහනුවර පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතන නව රඟහලේදී පැවැත්වේ.

මෙවර වැඩිහිටි දිනය '' වැඩිහිටි අයිතිවාසිකම් සුරකින හෙටක් '' යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතය.

පෙරවරු 9.00ට ආරම්භ වීමට නියමිත මෙම ජාතික උත්සවය විශේෂ කාර්ය භාර අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් හා සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත් වේ.

දිවයින පුරා විවිධ පළාත් වලින් මෙම උත්සවය සඳහා වැඩිහිටියන් 1000 ක් සහභාගී වීමට නියමිත අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීයවෛද්‍ය, සමාජ සුභසාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍ය බන්දුල යාලේගම,සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියොජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් පිරිසක්ද සහභාගී වීමට නියමිතය.

මෙවර පැවැත්වෙන ජාතික උත්සවයේදී වසර 100 කට වඩා වයසැති වැඩිහිටියන් ඇගයීම සඳහා විශේෂ ත්‍යාග රැසක් ලබා දීමට උත්සවය සංවිධානය කරන, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය හා මධ්‍යම පළාත් සභාව සූදානම් වේ.

ජාතික වැඩිහිටි දින සැමරුමෙන් පසු ඔක්තෝම්බර් 01 දා සිට 07 වැනිදා දක්වා ජාතික වැඩිහිටි කෙඩි අළෙවි සතිය පැවැත් වේ.