Saturday, 17 November 2018
ත්‍රිකුණාමලයේ 'කලපු ගොඩකර ගොඩනැගිලි හදලා'

ත්‍රිකුණාමලයේ 'කලපු ගොඩකර ගොඩනැගිලි හදලා'

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ස්වාභාවික සම්පතක් වන 'කලපුව කලපුවක් හැටියට' පැවැත්වීමට ඉඩ හරින මෙන් උතුරු මැද පළාත් සභාව ඉල්ලීමක් කරයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෙරළ තීරයේ පිහිටි කලපු ගොඩ කිරීම පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා වී ඇති බව පෙන්වා දෙමින් එම ඉල්ලීම කරන ලද්දේ නැගෙනහිර පළාත් සභාවේ ඉඩම් ඇමතිනී ආරියවතී ගලප්පත්ති මහත්මිය විසිනි.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ  ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ පැවති සාකච්ඡාවක දී අදහස් දැක්වූ ඇමතිවරිය, ත්‍රිකුණාමලය ,කින්නියා සහ මුත්තූර් වැනි ප්‍රදේශ වල කලපු ගොඩ කරමින් ඒ මත ගොඩනැගිලි ඉදි කිරීම් මහා පරිමාණයෙන් සිදු වෙමින් පවතින බවත් එවැනි ගොඩ කළ ඉඩම් වලට ඔප්පු ලබා දීමට ඇතැම් නිලධාරීන් ක්‍රියා කර ඇති බවත් පෙන්වා දුන්නාය.

'ඒ ගැන ප්‍රශ්න කරන විට ඇතැමුන් කලබල කරන බව' නැගෙනහිර පළාත් සභාවේ ඉඩම් ඇමතිවරිය පවසයි.

'කලපුව කියන්නේ කලපුව. ඒත් දැන් කලපුවක් නැහැ. කලපු ගොඩ කරලා ගොඩනැගිලි සඳහා අඩි දෙකේ තුනේ අඩිතාලම් දාල තියෙනවා' ආරියවතී ගලප්පත්ති ඇමතිවරිය වැඩි දුරටත් සඳහන් කරන්නීය.

කලපු ගොඩ කිරීම් ඉතාම රහස්‍ය ආකාරයට කිසිදු අවසරයකින් තොරව සිදු කෙරෙමින් ඇති බව ඇය කියා සිටියි.

(බිබිසි සංදේශය)

 91411657 winashaya

කලපුව සහ කඩොලාන විනාශයක්

 91411659 puththalam

කලපුව විනාශයට එරෙහිව වීදි බට පුත්තලමේ ජනතාව