Monday, 09 December 2019
ලේඛකයන්ට ඕනා ලියන්න මිසක් ජනප්‍රිය වෙන්න නෙවෙයි

ලේඛකයන්ට ඕනා ලියන්න මිසක් ජනප්‍රිය වෙන්න නෙවෙයි Featured

සල්මන් රුෂ්ඩිගේ ප්‍රබන්ධ බොහොමයක් පිහි‍ටුවා ඇත්තේ ඉන්දියානු පසුබිමක ය. මායා යථාර්ථවාදය සහ ඉතිහාසය එකට කලවම් කරමින් ඔහු ගොඩනඟන ශෛලිය අපූරු ය. ඔහු ප්‍රකට වූයේ 'මිඩ්නයිට්ස් චිල්රන්' නම් ඔහුගේ දෙවැනි නවකතාව ප්‍රකාශයට පත් වීමත් සමඟ ය. හේ ඒ වෙනුවෙන් 1981 වසරේදී බුකර් සම්මාන දිනා ගත්තේය. සිව්වැනි නවකතාව වූ 'සැටනික් වර්සස්' ප්‍රකාශයට පත් කිරීමත් සමඟම යළිත් ඔහු අසමාන ලෙස ජනප්‍රිය වූ සේ ම මරණ තර්ජන ද එල්ල විය. ඒ සියල්ල සැහැල්ලු සිනාවෙන් ඉවසන රුෂ්ඩි සමඟ 'ද ටෝක්ස් ඩොට් කොම්' සමඟ කළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

ඔබට ලෝකය ගැන ඇත්තේ සර්ව සුබවාදී දැක්මක්ද?

ඒකට එක වචනෙකින් උත්තර දෙනවා නම් 'නෑ' කියලා තමයි කියන්න වෙන්නේ. මං හිතන්නේ මේ යුගයේ ලේඛකයෙක් වෙන ගමන් ලෝකය දිහා සර්ව සුබවාදීව බලන එක හරි ම අමාරු වැඩක්. ඒ කොහොම වුණත් අන්ධකාරය අප ළඟට අරගෙන එන ප්‍රහසනය හරි ප්‍රබලයි.

ලිවීමට ඔබව පෙලැඹවූයේ කුමක්ද?

ලියනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. මට හැමදාම වුවමනා වුණේ ලියන්න. ලේඛකයෙක් වෙන්න. ඊට අමතරව මගේ ජීවිතේ තව සැලැසුමක් තිබුණා නම් ඒ නළුවෙක් වෙන්නයි. ඒත් නළුවෙක් වෙන එක හරි ගියේම නෑ. ඊට පස්සෙත් මං හිතුවේ 'මිට්නයිට්ස් චිල්රන්' පොත චිත්‍රපටියක් වෙනවා නම් ඒකෙ සාස්තරකාරයගේ චරිතෙ මං රඟපාන්න ඕන කියලයි. නවකතාවේ සැකිල්ල හිතට ආපු දවසේ ඉඳන් ඒක මගේ හිතේ තිබුණා.

දැන් 'මිඩ්නයිට්ස් චිල්රන්' චිත්‍රපටය හදලයි තියෙන්නේ? සාස්තර කියන චරිතෙට ඔබ ‍තෝර ගත්තද?

අධ්‍යක්ෂවරයා මා ඒ චරිතෙට ‍තෝර ගත්තා. ඒ වුණාට මම කැමැත්තෙන්ම ඒ චරිතෙන් අයින් වුණා. චිත්‍රපටය තිරගත වෙද්දි ඒක බලන මිනිස්සු 'ආහ් අර ඉන්නෙ සල්මන් රුෂ්ඩි නේද?' කියලා අහනවා දකින්න මම කැමැති වුණේ නෑ. එහෙම වුණා නම් ප්‍රේක්ෂකයගෙ අවධානය යොමු වෙන්නෙ අනවශ්‍ය තැනකටයි. ඒ කොහොම වෙතත් අපි අන්තිමේදී සාස්තර කියන්නාගේ චරිතය කපලා දැම්මා.

මෑතකදී ඔබ නිකුත් කළ ස්වයංලිඛිත චරිතාපදානයේ සඳහන් වෙනවා 'සැටනික් වර්ස්' ලිවීමෙන් පසුව අවුරුදු 10ක් පුරා සැඟවී සිටි ආකාරය පිළිබඳ. ඒ මරණ තර්ජන හේතුවෙන්? අවසානයේ ඒ තර්ජනවලින් ගැලවීම පිළිබඳ මේ මොහොතේ ඇති හැඟීම කුමනාකාරද?

ඒ ගැන කතා කරන්න මම සෑහෙන කාලයක් මඟ බලාගෙන හිටියා. විශේෂයෙන්ම අදාළ සිදුවීමෙන් හැකිතාක් ඈතට යාමෙන් අනතුරුවයි ඒ ගැන සංවාදයකට එන්න පුළුවන් වෙන්නේ. ඒත් මට ඒ ගැන අනවශ්‍ය විදිහට සංවේදී වෙන්න ඕනා නෑ. ඔප්රා වින්ෆ්‍රිගෙ රූපවාහිනී වැඩසටහනක වගේ රඟපාන්න ඕනත් නෑ. ඒ නිසාම මං ඒ වෙනුවෙන් අවුරුදු 23ක් මඟ බලාගෙන හිටියා. හැබැයි අයතුල්ලා කමේනි මට නිකුත් කරපු මරණ නියෝග නිසා එහෙම වුණේ නෑ. ඒකට තිබුණේ වෙනත් හේතු. ඒ මොනවා වුණත් කිසිම දවසක ස්වයංලිඛිත චරිතාපදානයක් මං ලියාවි කියලා නම් හිතුවෙ නෑ.

ඇයි ඔබ ස්වයංලිඛිත චරිතාපදානයක් කිසිදාක නොලියාවි කියා සිතුවේ?

මීට කලින් හැමෝම මගෙන් අහන්න ගත්තා ඇයි මගේ චරිතාපදනය නොලියන්නෙ කියලා. ඒ කාලෙ මම ඒකට දුන්නු උත්තරේ තමයි 'මට ඒ ගැන කිසි උනන්දුවක් නෑ' කියන එක. අනිත් එක ඇයි මම චරිතාපදානයක් ලියන්නෙ කියලා පෙරලා ඒ අයගෙන් ප්‍රශ්න කළා. මගේ ගැන ලියන්න කිසිම උනන්දුවක් මට තිබුණෙ නෑ. මම ලේඛකයෙක් වුණේ අනුන් ගැන ලියන්න මිසක් මම ගැන ලියන්න නෙවෙයි.

ඔබ අතීතකාමයෙන් පෙළෙන්නෙක්ද?

කොහෙත්ම නෑ. හරි ම වර්ණවත්, උනන්දු සහගත ජීවිතයකටයි මං කැමැති. එහෙම ජීවිතයක් ගත කරන්න ඕන කෙනෙක් අතීතයේ හිර වෙලා ඉදලා හරියන්නෙ නෑ. මම ගමන් කරමින් ඉන්න කෙනෙක්. එක තැනක නතර වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි.

මරණ තර්ජන එල්ල නොවූවා නම් ඔබ වෙනස් ලේඛකයෙක් බවට පරිවර්තනය වීමට ඉඩක් තිබුණාද?

ඔබ මගේ ගැන කිසිම දෙයක් නොදැන මගේ පොත් විතරක් කියෙව්වා නම් ඒ ගැන තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැම ලේඛකයෙක්ම සෑම පොතකින්ම පස්සෙ අලුත් කෙනෙක් වෙනවා. ඒ හැම පොතකටම අදාළව නොනවතින ගමනක් තියෙනවා.

ඉතා ම සරලව කිව්වොත් මරණ තර්ජන නිසා මගේ ලිවීමේ හරි, මගේ හරි කිසි ම වෙනසක් වුණේ නෑ. ඒක එක සිද්ධියක් විතරයි. එතනින් පෙර වගේම පසුවත් හැම දෙයක්ම සාමාන්‍යයි.

දැනටත් ඔබේ හැසිරීම ප්‍රවේශම්කාරීද?

ඒ ප්‍රවේශමට දැන් අවුරුදු 10 මාස 06ක් විතර ගතවෙලා ඉවරයි. ඒ කාලෙ ඕනම දෙයක් ගැන ප්‍රවේශම් වෙන්න වුණා . ඒත් ඒ දීර්ඝ කාලෙකට කලින්. ඒ අවුරුදු 10 පුරාම මම ලන්ඩනයේ සහ නිව්යෝර්ක් නුවරයි ජීවත් වුණේ.ඒ කාලය සම්පූර්ණයි වගේම නිදහස්කාමීයි.

මිඩ්නයිට්ස් චිල්රන් චිත්‍රපටයේ නමේ වෙනසක් සිදු වීමට ඉඩ ඇතැයි සහ එය ප්‍රදර්ශනය පමා වන බවට රාවයක් නැඟුණා. මුස්ලිම් ජාතික විප්ලවවාදීන්ගේ ක්‍රියා ඊට හේතු වූණාද?

ඉන්දියාවෙ මේ වගේ චිත්‍රපටයක් රූගත කරනකොට ඒක මහා ලොකු සිද්ධියක් විදිහට මාධ්‍ය මඟින් හුවා දක්වන්න උත්සාහ කරනවා. එක අතකින් මේ දේ ඉන්දියාවට විතරක් අදාළ එකකුත් නෙවෙයි. මුළු දකුණු ආසියාවටම මේ තත්ත්වය අදාළයි කියලා මම හිතනවා. අනවශ්‍ය අවධානයෙන් ගැළවෙන්නයි අපි ආදේශ නමක් යොදාගෙන රූගත කිරීම කරන්න පටන් ගත්තේ. හේතුවක් ඇතුව හරි නැතුව හරි දර්ශන තලය පුරා රස්තියාදු වෙන නොයෙක් වර්ගයේ මිනිසුන්ගෙන් ගැළවෙන එකයි අමාරුම වැඩේ. චිත්‍රපටයේ වැඩ කටයුතු ප්‍රමාද වෙන්නේ මේ වගේ සරල හේතු නිසයි.

ඔබ ඉන්දියාවේ ඉතා ජනප්‍රිය චරිතයක් ?

ඔව්. ටිකක් විතර මම ජනප්‍රියයි. හැබැයි මැඩෝනා තරම් නම් ජනප්‍රිය නැහැ. යූටූ සංගීත කණ්ඩායම තරම් ජනප්‍රිය නෑ. මට ඒ වගේ ජනප්‍රියත්වයක් ඇත්තෙ නෑ. මට තාමත් වීදි දිගේ කරදරයක් නැතිව තනියෙම ඇවිදගෙන යන්න පුළුවන්කම තියෙනවා.

කොහොමත් හැම ලේඛකයෙක්ගෙම ජීවිතේ හුදෙකලාවයි ගත වෙන්නේ. ඒ ජීවිත හරිම පෞද්ගලිකයි. ලේඛකයෝ උත්සාහ කරන්නේ තමන්ගේ පාඩුවේ ලියන්න මිසක් ජනප්‍රිය වෙන්න නෙමෙයි.

Dinamina ජුනි 29 2016

කාංචනා අමිලානි - ලිවිසැරිය

Image  -https://litreactor.com/sites/default/files/imagecache/header/images/news/201504/headers/salmanrushdie.jpg