Monday, 09 December 2019
උමාරියා ප්‍රථම ආදරය ගැන කියයි

උමාරියා ප්‍රථම ආදරය ගැන කියයි Featured

හන්තාන සිහිනයේ සන්තාප සුසුම් නිමා කරන සොඳුරු ප්‍රේමවන්තිය උමාරියා සිංහවංශ ඊඩ්න් උයනේ ළා දම් හැන්දෑවට ආගමනය වීම ගැන ශ්‍රී ලංකා මිරර් කළ කතාබහක්.

Umariaමේ දවස්වල කො‌ෙහාමද ජීවිතේ මොනවගේ කටයුතුද අලුතෙන් සිද්ධවෙන්නේ?

මගේ අලුත් සින්දුවක් රිලීස් කරනවා ලබන සතියේ. ඒ වගේම Colonial Cousins ගේ ක්‍රිෂ්ණා සින්දුව රිවිව් කරා එකට ගොඩක් හොඳ ප්‍රතිචාර තියනවා. කොන්සට් වලට යනවා. ඒවත් එක්ක කාර්යබහුල වෙලයි ඉන්නේ.

අපි දකිනවා උමාරියාගේ විලසිතාවල යම් වෙනසක් තියනවා. අාවේනිකභාවයක් තියෙනවා. කවුද උමාරියාව මේ විදියට ලස්සන කරන්නේ ?

ලස්සන කරන්නනේ මම ම තමයි. ලොකු ඉවෙන්ට් තියනවා නම් අම්මයි මමයි එකතුවෙලා ඇඳුම ඩිසයින් කරනවා. ඒ වගේම මගේ පුංචි අම්මත් මහලා දෙනවා. ඔක්කෝම මම තමයි කරන්නේ.

මියුසික් ගැන මොකද හිතෙන්නේ?

මියුසික් කියන්නේ විශ්වීය භාෂාවක් එ්ක මගේ පැෂන් එක. මියුසික් කියන්නේ මගේ ප්‍රථම ආදරය කියලා කිව්වොත් වඩා නිවැරදියි.

කසුන් කිව්වා උමාරියත් LoveU ප්‍රසංගයට එනවා කියලා මේ ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ?

ගොඩක් සතුටුයි. මේ කොන්සට් එක කරන අය මට වඩා මේ ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රවීණයි ගොඩක් දක්ෂයි. ඒ වගේ පිරිසක් එක්ක මේ වගේ ෂෝ එකක් කරන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි.

මේ පෙබරවාරි 14 මොකද කරන්නේ?

මම එදාට සින්දු කියනවා. ඊඩ්න් උයනේ ළා දම් හැන්දෑවේ සින්දු කියනවා. අපේ ප්‍රේක්ෂකයන්ට ලස්සන ෂෝ එකක් තියනවා. මම අරාධනා කරනවා එදාට ඇවිත් අපිත් එක්ක එකතුවෙන්න කියලා.  

(සංවාද සටහන තුෂාරා විතාරණ)

 

12644784 778225478974283 2143600223609737617 n

 


Media

Last modified on Monday, 15 February 2016 12:03