Monday, 09 December 2019
'මම ප්‍රේමය සොයමින් ඉන්නේ’ -චාපා

'මම ප්‍රේමය සොයමින් ඉන්නේ’ -චාපා Featured

හද ගිනිදැල් නිවාලන රැඩිකල් ගීරාවය හමනා සුළඟට මුසු කළ විස්කම් ප්‍රේමවන්තයා ඉන්ද්‍රචාප ලියනගේ සමඟ ශ්‍රී ලංකා මිරර් කළ කතාබහකි මේ.

මේ දවස්වල මොනවගේ කටයුතුද සිද්ධවෙන්නේ?

අපි පහුගිය කාලය පුරාම ප්‍රසංගවල තමයි හිටියේ. රේකොඩින්ස්වලට වඩා මේ දවස්වල අපි සුදානම් වෙන්නේ ඊඩ්න් උයනේ ළා දම් හැන්දෑව ප්‍රංසගයට ඒ වැඩත් එක්ක කාර්යබහුල වෙලයි ඉන්නේ.

IndrachapaL1 600px 16 02 12කසුන් සහ චාප එක්වුණු අලුත් නිර්මාණයක් දුටුවේ නැහැ එයට විශේෂ හේතුවක් තියනවද?

කසුන් සහ මම තමයි එකට වැඩ කරන්න පටන් ගත්තේ. අපි ඇල්බම් දෙකක් විතර එකට වැඩ කරා...ඊට පස්සේ අපිට ‌රෙකෝඩින් එකක් කරන්න පුළුවන් උනේ නැහැ. නමුත් වෙනස් ව්‍යපෘති වලදි අපි දෙන්නගේ දායකත්වය තිබුණා. අපි එක්තරා යුගයකදී වර්ග දෙකක ගීත ගායනා කළා. මගේ ගීත ශානරයත් කසුන්ගේ ගීතත් අතර වෙනසක් තිබුණා. ඒනිසයි අපිට අපේ එකමුතුවෙන් නිර්මාණය වුණ ගීතයක් අහන්න ලැබුණේ නැත්තේ. නමුත් කසුන් හා මම දිගින් දිගටම කටයුතු කරමින් ඉන්නේ.

ආදරයට වැඩි නැඹුරුවක් තියෙන නිර්මාණ තමයි නිතරම අපිට දකින්නට තියෙන්නේ මේ ආදරයෙයි සංගීතයෙයි සංකලනය චාපට දැනෙන්නේ කොහොමද?

ආදරය බරපතල විදියට මිනිස්සුන්ට අවශ්‍යයි. යම් සංවාදයක් ඇති තැනක ආදර තියෙන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. සංගීතය මට ආහාරයක් වගේ දෙයක්. ඒ නිසා ආදරයයි සංගීතයයි මානව අවශ්‍යතාවයක්. මිනිස්සුන්ට ආදරය නැතිව ඉදිරියට යන්න බැහැ.මියුසික් කියන එක තමයි මගේ ජීවිතේ වඩා වැදගත්ම විදියට දැ‌ෙනන්නේ. ඒක එක්තරා ආකාරයකට මගේ වෘත්තිය, වෘත්තියටක් වඩා ඒක තමයි මගේ ලයිෆ් එකේ ඩ්‍රයිව් එක.

LoveU ප්‍රසංගයේ තිබෙන අලුත් සුසංයෝගය ගැන මොකක්ද අදහස?

කසුන්, මම, නදීක ජයවර්ධන නදීක ගුරුගේ ප්‍රසංගවල පසුගිය කාලයේ දිගින් දිගටම කටයුතු කළා. නමුත් මේ පාර කන්‌ෙසප්ට් එක ටිකක් වෙනස්වෙලා. වෙන ජෙනරේෂන් දෙකක දෙන්නේ එකක දෙදෙනෙක් එකතුකරගෙන තියනවා. රූකාන්ත ගුණතිලක කියන්නේ එක්තරා යුගයක සංගීත පරමාදර්ශයක් විදියට හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම උමාරියා මෑත කාලීන පරපුරේ බිහිවුණු ඉතා විශිෂ්ඨ ගායිකාවක්. මේ විශිෂ්ඨයන් දෙදෙනා එක්ක අලුත් දෙයක්කරනනේ අලුත් රිදම් එකක් හැදෙයි. මේ සුසංයෝගයන් සාර්ථක වෙයි කියිලා විශ්වාසයක් තියනවා.

ඊඩ්න් උයනේ ළා දම් හැන්දෑව ප්‍රංසගයේ විශේෂත්වය මොකක්ද?

මේකේ තියෙන්නේ අලුත් තිම් එකක්, වෙනස් රිදම් එකක්. එ් වගේම මේ හඬවල් අතරේ තියෙන අලුත් සංකලනයේ තියෙන දේ සොයා ගන්න පොඩි එකස්‌ෙපරිමන්ට් එකකුත් මෙතන තියෙනවා. ඒක වචනෙන් කියනවට වඩා ඒක විඳගන්න තියන දෙයක්. අපි ආරාධනා කරනවා සියලු දෙනාට අපිත් එක්ක එකතු වෙන්න ඒ ආදරය විදගන්න එන්න කියලා ඒක වෙනස් අත්දැකීමක් එකතුකරන වැඩක් වෙයි.

ඉන්ද්‍රචාපට ආදරයේ අංශුමාත්‍රයක්වත් තවම දැනිලා නැහැ කියලා නේද කියන්නේ?

මම ප්‍රේමයේ අංශුමාත්‍රයක් සොයමින් ඉන්නේ. ප්‍රේමයේ අංශුමාත්‍රයක් නොදැනීම කනගාටුදායක තත්ත්වයක්. මම හිතන්නේ ප්‍රේමය හැමෝම අත්පත් කරගත යුතු අත්දැකීම් විදින්න ඕන දෙයක්. අඩුම තරමේ අංශුමාත්‍රයක් හරි දැනිය යුතුයි.

(සංවාද සටහන තුෂාරා විතාරණ)

KasunKalhara2 600px 16 02 1


Media

Last modified on Friday, 12 February 2016 15:00