Friday, 13 December 2019
වැලන්ටයින් දා නදීකගේ හිත කියවන්න හැකියි

වැලන්ටයින් දා නදීකගේ හිත කියවන්න හැකියි Featured

ජීවිතය සුන්දර සිහිනයක් බවට හදවතට හඬගා කියන්නට ඊඩ්න් උයනේ ලා දම් හැන්දෑවට සපැමිණෙන ප්‍රේමවන්තයා නදීක ජයවර්ධන සමඟ 'ශ්‍රී ලංකා මිර්ර' කළ කතාබහකි මේ.‍

Nadeekaමේ දවස්වල මොනවගේ අලුත් කටයුතුද සිද්ධවෙන්නේ?

මේ අවුරුද්ද ඇතුලත සින්දු කිහිපයක් කරන්න බලාපොරොත්තුවක් තියනවා. ඒ වගේම තව අලුත් වැඩ කිහිපයක්ම කරන්න බලපොරොත්තුවකුත් තියනවා.

ආදරයයි සංගීතයයි ගැන මොකද හිතෙන්නේ?

ඒක සංගීතයයි ආදරයයි විදියටම හඳුන්වන්න බැහැ. කලාවයි ආදරයයි කියන එක බැඳීමක් තිබුණු දෙයක්. මිනිස්සුන්ගේ හැඟිම් තමයි මිනිස්සුන්ගේ නිර්මාණ බවට පත්වෙන්නේ. මිනිස්සුන්ගේ ඊර්ශ්‍යාව, වෛරය, කුහකකම කියන මේ හැම දේම නිර්මාණ වලට පාදක වෙලා තිබෙනවා. මම හිතන්නේ ඒ හැඟීම් සහ කලාව අතර දැඩි සම්බන්ධයක් තියෙනවා.

අද දවසේ සංගීතයට වඩා රූප රචනය ඉදිරියට ඇවිත් තියෙනවා නේද?

ඒක කාලයෙන් කාලයට වෙනස් වෙන දෙයක්. සංගීතය එළිදක්වන්න තිබෙන විවිධ විධි ප්‍රමාණයන් එක්ක ගත්විට එදා තිබුණේ රේඩියෝ විතරයි, ඊට පසුව රූපවාහිනි මාධ්‍ය දැන් එයට රූප මාධ්‍යන් එකතුවෙලා තියෙනවා. ඒNadeeka2 ඒ මාධ්‍යයන් ඇතුලේ විවිධ දේවල් සිද්ධවෙනවා. ඒ තත්ත්වයන් විවිධ කාලවලදී වෙනස් වෙනවා. එය අපට පිළිගන්න සිද්ධවෙනවා.

මේ පෙබරවාරි 14 මොකද කරන්නේ?

වැලන්ටයින් දවසේ ඊඩ්න් උයනේ ළා දම් හැන්දා වේ මමත් සින්දු කියනවා. හැමදාමත් රසිකයන්ට අලුත් අත්දැකීමක් දෙන්නයි අපි උත්සහා කරන්නේ. විවිධ කොන්සට් වලදී අත්විඳින්න ලැබෙන දේ විවිධාකාරයි. මේ අවස්ථාවත් ගොඩක් ප්ලෑන් කරලා කරන දෙයක්. මියුසික් පවා. මම හිතන්නේ ඒක කියනවට වඩා රසිකයන් ඒක විඳගන්නවා නම් මම කැමතියි.

එදාටවත් නදීකගේ හද රැඳි දේ කියනවද?

ඔව් මම අනිවාර්යයෙන් එදාට මගේ හද රැඳි දේ කියනවා.


(සංවාද සටහන තුෂාරා විතාරණ)

 

 

    

LU 600px 09 02 16

Last modified on Wednesday, 10 February 2016 15:21