Saturday, 23 June 2018

Latest News

මගේ සෙල්ලං කැබිනට් එක

Friday, 08 July 2016 20:09

ජීවිතේ වැඩි කාලයක් අපේ ගෙදර උනේ අම්මා, තාත්තා උගන්නපු ඉස්කෝලවල ගුරැ නිවාසය. එකහමාරෙන් පස්සේ මුලු ඉස්කෝලෙම අපේය. පිට්ටනියත් අපේය, පංති කාමරත් අපේය, අම්මගෙන් යතුර හොරකම් කලොත් ලැබ් එකත් අපේය.

උඹට වැරදුනා ත්‍රිමා

Wednesday, 22 June 2016 13:12

උඹට වැරදුනා ත්‍රිමා ගිය දොහේ

Degree ය අරගෙන ඒ වෙලේ
Privet practice කරල දවල් රෑ දෙකේ
කීයක් හරි හොයාගන්නයි තිබුණෙ
අපි වගේ

..."මේ බදු වැඩි ම දේශයයි..."

Thursday, 16 June 2016 15:13

නොතෙමි යන්නට කාර් ගන්නට

ඡන්දෙ දීලා නැවත රැවටී
නැති වුනොත් පණ පිටින් එනතුරු
සුරකින්න මෙය කියා මට දී

රයිගම් මුදලාලි කෝටිපති ධම්මික අන්දවයි

Friday, 10 June 2016 16:55

රයිගම් ටෙලිනාට්ය සම්මාන උළෙල ලංකාවේ හොර මගඩි ව්යාපාරයක් බව දන්නෝ දනිති. සියලුම නාලිකා අන්දවා ඔවුන්ට සම්මාන බෙදා දී අවුරුද්දක් පුරා ඇතිවන්නට ප්රසිද්ධිය ලබා ගන්නා රයිගම් මුදලාලි, සම්පත් බැංකුවත් නියමෙට අන්දවයි. ඒ අනුව මේ රටේ කෝටිපති ව්යාපාරිකයා ධම්මික පෙරේරා මහතාත් ගොනාට ඇන්දවීමට රවී ට හැකිවී ඇත.

මාදැක තිබුණි විසාලා

Tuesday, 07 June 2016 11:10

මා දැක තිබුණි විසාලා
කිසිවිටෙක සම නොවිනි සාලා

තුන්බිය තිස්වසක් වසලා
තිබුණි එම නුවර විසාලා

‍අහම්බයකින් වුණත් පිපිරුම සාලා
එල්ලයටම ගෙන පිපුරුවේය විසාලා‍

‍‍ඉදහිට අදත් අප යන විට විසාලා
හෙමිහිට හොරෙන් ඉකිබිදිනවා කිසාලා....

(සාරා)

 

 

සැරද මෝටාර්?

Monday, 06 June 2016 15:39

'සාලාව' තුළ අගුළු ලා ගෙන
පිටත ලෝකෙට වෙඩි ලෑව
දකුණු සා මුව පුතුන් රෑනට
සාලාවෙන් එපිට මර බිය
මුල් වරට දැන් දැන්වෙමින් ඇත.
'අත්වැරැද්දක්' උඩින් ගෙනැවිත්
මල් පාත්තියෙ පැළ කරන ලද
මෝටාර් මල්
රූප පෙට්ටිය වටේ ඉඳගෙන
බත ඉදෙනකල් බලා සිටියදි
ඇස ගැටුණු මෝටාර් තරමට
පුසුඹ නැති බව දැනවෙමින් ඇත.
තිබෙන තරමක් බුකි බටන් ටික
ඔබ ඔබා හුවමාරු කෙරුවට
පින්තූරවල වෙඩි බෙහෙත් ගඳ
සමග මුසු වුණු නොනිමි මර බිය
තැවරිලා නැති බවම පමණක්
වැටහුණොත් ඇති.
- අශාන් වීරසිංහ (2016-06-06)

'නැහැ කීමට ඇති ධෛර්යය'

Sunday, 29 May 2016 12:49

මේ ඡායාරූපය ගත්තේ 1936දී ජර්මනියේ හැම්බර්ග්වලදී. නාසි නැවක් සමුදුරට දියත් කරන අවස්තාවේදී හැම දෙනාම නාසි ආචාරය පල කරද්දී එක් අයෙක් පමණක් අත් දෙක බැඳගෙන නාසිවාදයට 'නැහැ' කියනවා.

වික්ටර් හාරා මෙසේ කියන්නේය....

Sunday, 08 May 2016 16:11

41 හැවීරිදි වික්ටර් හාරා ජනතාව වෙනුවෙන් හඬ නැගීමේ වරදට ඉල ඇට කුඩුපට්ටම් කරමින් , ෆිනොචේ ගේ සෙබළුන්ගේ රයිෆල් බඳින් තම හිස දෙපලු කරගෙන මිය ගිය අපේ කාලයේ ශ්‍රේෂ්ඨ කළාකරුවෙකි. මිය යන තෙක්ම තම ගිටාරයේ තත් පිරිමැද්දේ ඕලාරික හිත් කුල්මත් කිරීමට නොව සුවහසක් පෑගෙන තැලෙන දනන්ගේ උස් පරමාර්ථ යතාර්ථයක් කිරීමටයට. එකී වරදට ඔහු අපෙන් උදුරාගත්තද නුඹ නැගු හඬ අපේ හදවත් වානේ මෙන් පන්නරය කිරීමට සමත් වුයේය.

Popular News

ගොනුන් මත සිහින පටවා කතරක් මැදින් යන මේ ගමන දුෂ්කරය…
ඇසේද සිරිසේන
ඇත්ත සර්....“මල සමයං” ගං තුලානෙන් නෑ ඇහුනේ කෙටිම කෙටි උන…
වැහි බිඳුවක සැතපී එනු මැන සුළං රැල්ල හා මුසු වී...