Sunday, 18 February 2018
සිරිසේන

සිරිසේන

ඇසේද සිරිසේන

ඈත බෙර හඩ පුරුදු පදයට

එදා නොතිබූ බියක්

එකතු වී දැන් බෙර පදයට

කවර සිඹින වෙඩි වැනිය

දැනේද සිරිසේන

දුරුත්තේ ඇසුනු බෙර පදයට

අද දැනේ වෙනසක්

හඩ සැර වැඩිය ළගා වනවිට

වෙන පිරිස් නටති බෙර හඩට

ඇසේද සිරිසේන

පිළුණු පද වයනු ආයෙම

පුරුදු අත නෑර

මල් වට්ටි පැන් බඳුන් අතැති

පෙරහැරම තව ඇදෙන හැටි

පෙනේද සිරිසේන

දුරුත්තේ දේදුන්න පායාපු

අද නැතේ දකින්නට

කිව හැකිද යනු කොහිද දැන්

අතරමග නැවතිලා අපි නම්

(අහඹු ලෙස ඈතින් ඇසුනු ඉතා ජනපි‍්‍රය යුරෝපීය සංගීක කණ්ඩායමක් වු ‘‘ඇබා’’ ගැයූ ඉතාම ජනපි‍්‍රය ගීතයක් වන ‘‘ෆනැන්ඩු’’ ගීතය නිසා ලියැවුනකි)

කුසල් පෙරේරා

2016 ඔක්තෝම්බර 26

Last modified on Thursday, 27 October 2016 16:27