ඇගේ පුද්ගලකිත්වය අදාල නෑ නේ..
නිලි වෘත්තියෙන් ඔබ්බට ගියා නම් ඒකත් ඇයට කැමති නිසාය. ඇගේ පුද්ගලිකත්වය අපට අදාල නැත. අද කවීෂා ගණිකාවක් කර බුකිය තුල කෑගසන බොහෝ පිරිමින් රෑට රෑට සනී ලියෝන් බැහැ දකින්නේ සිල් ගන්නට විය යුතුය. බෝසත් ටෝක් එමටය.බසයකට නැග්ගත් ගෑනියෙකුට හේත්තු වන යුගයක කවීෂා පමණක් අද මාතෘකාව වී ඇත.වෙනස් විය යුත්තේ ආණ්ඩුව,පාලකයින්, රැකියාවල්,පාරවල්,ගුවන්තොටුපලවල් නොව ආකල්පයි.සෑම ගැහැණියක්ම සිය මව,නැගණිය,බිරිඳ,දියණිය ලෙසින් දකින්නට හැකි කලෙක බොහෝ නිලියන්ටද තමන් ගැනම ලැජ්ජාවක් ඇති වනු ඇත.නිලිය වේදිකාව මත තබා,නරඹන්නන් ගැලරියේ සිටිනවා නම් හොඳය.අද මෙන්,නරඹන්නන් වේදිකාව මතට නැඟ නිලිය නිරුවත් කර උන් පහලට බැස ඇය ගණිකාවක් ලෙසින් ගැලරියේ පෝස්ටර් ඇලවීම අතිශය දුක්බරය.බුදු බණ දස අතේ ඇසෙන රටක අපේ උන්ගේ ආකල්ප ගැන කලකිරීමක් ඇති වේ.මීට පෙර "බැරකියුඩා" හෝටලය අසල දුම්රිය හරස් මාර්ගයේදි අන්තුරට පත් වූ "ඉමාශි සහ ශෙරෝන්" සිහියට ගනිමි.ඔවුන් දෙදෙනාගේ රාත්රී ගමන ගැන බොහෝ කටකතා විවිද අයුරෙන් පලවිය.මෙවැනි දේ නිලියකට පමණක් සීමා වූවාන් නොවේ.සමස්ථ කාන්තා ප්රජාව පිලිබඳව රටේ පවතින තත්වය මෙයයි.
සති පූජා කරන අපිට මොන කතාද ?
ගැහැණියක් යනු අතිශය සීමා මායිම් වල ජීවත් විය යුතු අල්ප මාත්රයකින්වත් සීමා මායිම් නැති පිරිමියෙකුට යට වන යුගයේ කෙළි බඩුවක් වූයේ කෙසේදැයි වටහාගන්නට නොහැකිය. කෙසේ වූවත් සති පූජාව පවා පවත්වන ආසියාවේ ඉපදුන අපට "වාරිස් ඩයරි"ලා විය නොහැක.එසේ නම් ජීවත් විය යුතු රටාවක් සකසා ගැනීම ස්ථානොචිත යැයි මට සිතේ. මෙය කවීෂා නිසා ලියවූවක් නොවේ.සමාජයේ තවත් ගැහැණියකගේ මරණයක් අල්ලාගෙන හංවඩු ගහන මුග්ධයන්ගේ ක්රියාවන් දැක අකුරු වූවකි.කවීෂා යන්නට ගියාය.ඇගේ විගමනයෙන් කාන්තාවන් වන අපට උගනින්නට බොහෝ දේ ඇත.කාන්තාවක් ලෙස සමාජයේ ජීවත් වීමේදි ආත්ම ගෞරවය රැකගෙන ජීවත් විය යුතු බව,විලිසංගය තිබිය යුතු බව,ප්රමාණය ඉක්මවා නොයා යුතු වග,බාගෙට හෙලුවෙන් ඉඳගෙන සමාජජාල වෙබ් අඩවි තුල රැඟීම නොකල යුතු වග,සංවර හා යහපත් කල්ක්රියාවෙන් දිවි ගෙවිය යුතු වග,නිරන්තරයෙන් මරණය සිහි කරමින් කුසල් වැඩිය යුතු බව සියල්ලම ඇය අපට කියාදුන්නාය.මතු භවයකදී හෝ යථාර්තය වටහන්නට නුඹට හැකි වේවා…
කවීෂා නුඹට නිවන් සුව !
උපුටා ගැනීම නිශානි ගමගේ ෆේස්බුක් පිටුවෙනි