Sunday, 18 February 2018
_____මනස්කල්පිත කවුද?_____

_____මනස්කල්පිත කවුද?_____ Featured

ඇත්ත සර්....
“මල සමයං”
ගං තුලානෙන් නෑ ඇහුනේ
කෙටිම කෙටි උන හින්ද
“මල් සමය”
තකහනියෙ ඇවිත්
තකහනියෙ ගියා..

අකල් වැහි වලාකුළු පාවෙලා
ඉහ උඩින් ගියා මිස
වැටුණු වැහි තිබුනේ නෑ
අලුත් හේන් වල අපිට..

තැලුණු ඉරි වල අගම
සිරස් පැත්තට හිටි අපි
ඉද්දීම අපි එක්ක
ළමිස්සියක් උණා මං
අහම්බෙට පිම්බුණු
තිඹිරි ගෙඩියක් ගානට
තිඹිරි ගෙඩි පැහෙන වේගෙට ..
කාපු “කටු” “රතු ඉරත්”
පැන තිබුණු හින්දම
එකම එක හුස්මට
උසස් පෙළ අන්තිම දොහේ
මං ආව ඌ එක්ක...

හුලන්දාවට උඩින්
කදුළු හේදුන හේන් වල
කවුපි අස්සෙත් කංසා වැවුණා
ඇතිම පදමට අපිට ......
ඇස්වහක් ,
කටවහක් ,
හෝ වහක්,
නෑ සර්.....
ඌ හොද වෙදෙක්
නාඩි අල්ලන අතකට
දෙක තුනක් දෙනව
‘කෑලි’
නාඩි නවතින වේගෙට
නොරිදෙන්න හීනියට ..

එත් එක ...
මද්දහන් සවසක
කාකි කොස්සන් එක්ක
නහර ඉපිල්ලුණු අත් දෙක
පැටලුණා සත්වසක යදමක ...

බොරුවක්,මුලාවක් නෙවෙයි සර්ර්ර්ර්........
කදුළින්ම හීල්ලෙන පොඩිවුන්ගේ කුස්වල
බඩඉරුගු,කවුපි මුන් ඉදෙනවා පැහුණු කන්නේට
රතු පාට කාලෙට ඉර එක දිගට
නොකියම උන් ගාටනවා අම්මලෑ දිහාවට .....

ඔව් සර් ..
අන්තිම කවුපි ඩිංගත්
විකුණුවේ අද උදේ නානට
සම්මන්ත්රඅණේ ගාන දාහට
තිස්තුනක් දැන් මට
පාස් වෙන්නම ඕන
ග්රා ම සේවක විභාගය මට
උදව්වක් විදියට
වේලිච්ච මතකෙට
උත්තර එක්ක ප්රමශ්නත් අරං
එනවද සර්
එන්නං මං
කියන තැනකට....

__අනුජ කහදවආරච්චි___