Wednesday, 23 May 2018
2016 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ කවියට මොකක් වෙයිද?

2016 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ කවියට මොකක් වෙයිද? Featured

සාහිත්‍ය මාසය එළඹිමත් සමග සම්මාන උළෙල කීපයක් සඳහා නියෝජනය වීඇති නිර්දේශිත කෘති පිළිබඳව විවිධ කතාබහ ඇතිවෙමින් පවතී. එයින් වැඩිම අවධානය යොමුව ඇත්තේ සිංහල නවකතාව කෙරෙහිය. නවකතාවට ඇතිවන උනන්දුව අනෙකුත් ක්ෂේත්‍රයන් සඳහා යොමුවන්නේ මද වශයෙනි. කතාබහ ගොඩ නැගෙන්නේද මද වශයෙනි. එසේවුවද 2015 මුද්‍රිත කෘති අතරින් සිංහග පද්‍ය සාහිත්‍ය නියෝජනය කළ මා කියවූ මගේ සිත්ගත් පොත් කිපයක් අරබයා සම්මාන උළෙලට පෙර මේ සටහන තබන්නට සිතුනි.

මෙවර සිංහල පද්‍ය සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා අවසන් වටයට පෙර නොවිරූ අයුරින් අවසන් වටය සඳහා කාව්‍ය කෘති 12ක් නිර්දේශ වී ඇත. කරුමෙක මහත කියන්නට සිදුවන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහ සාහිත්‍ය අනුමන්ඩලයේ මෙවන් තකතීරු වැඩවලටය. සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදාය අනුව නම් අවසන් වටයක් සඳහා නියෝජනය විය යුත්තේ කෘති දෙකක් හෝ තුනකි. මෙවර මදි නොකියන්නට කෘති 12ක් අවසන්වටයට ගෙනැවිත් තිබේ.

මහජන මුදල් කාපාසිනියා කරමින් සංස්කෘතික දෙපාර්තමේනතුවක තකතීරු සාහිත්‍ය අනුමණ්ඩලයක් මේ රවටන්නට හදන්නේ ලේඛකයන්ද එසේ නැතහොත් පාඨකයන්ද යන්න මට නොවැටහේ.

මේ පොත් 12 න් පොත් වැඩි කාව්‍ය කෘති ප්‍රමාණයක් මවිසින් කියවා ඇත.අජිත් තිලකසේනගේ එළඹෙන අගෝස්තුව සොයාගත නොහැකි විය.

මේසමාජ ජාලය තුමලම සැරිසරන අපේ සහෘදයන් වන වසන්ත ප්‍රියංකර නිවුන් හැල්ලගේ නිහඬව ගලන මේ ඟග කාව්‍ය සංග්‍රහය සහ සඳුන් ප්‍රියංකර විතානගේ ගේ එ‍හෙටත් වහිනවැති කෘතියද මේකෘති 12ට අතර තිබිම සතුටට කාරණයකි.

එසේ වුවද මේ දැක්වෙන්නේ 2015 වර්ෂයේ නිකුත්වූ කාව්‍ය සංග්‍රහ අතරින් මා කියවූ මගේ සිත්ගත් 2016 වර්ෂයේ රාජ්‍ය සහාහිත්‍යය සම්මානයට සුදුසු යැයි මට හැ‍ෙඟෙන කෘති 03 වේ.
එරික් ඉලයප්ආරච්චි, බුද්ධදාස ගලප්පත්ති සහ රත්න ශ්‍රී විජේසිංහ කිවියරු නව කවිය සමග නිරන්තරයෙන් ගැවසෙන කවියෙහිම කටයුතු කරන ප්‍රවින කිවියරු වෙති. ඔවුහු නව කවියේ දිශානුතිය හොඳනි හඳුනයි. කවිලියන නව පරපුර සමග වඩාත් සමීප කවීහු වෙති. එහෙයින් වර්තමාන කවියේ හැඩරුව සහ දිශානුතිය හොදින් හඳුන්නාවූත් මැනැවින් ග්‍රහණය කරගන්නා වුත් කවීහුමය.

මෙයින් එරික් ඉලයප්ආරච්චිගේ නැතිවුණු දෙවිවරු සහ බුද්ධදාස ගලප්පත්තිගේ තීර්ථය අසබඩ ඒකල කවිවලින් සුසැදි කෘතීන්වන අතර රත්න ශ්‍රී විජේසිංහගේ සඳගිර පාමුල දීර්ඝ ආඛ්‍යාන කාව්‍යයකි. නූතන කවියේ බස හැඩරුව සහ රිද්මය එකිනෙකට වෙනස් රසවත් ආකාරයෙන් යොදාගනිමින් ලියැවී ඇති මේකෘති අතරින් කිනම් හෝ කෘතියක් සම්මානයට පාත්‍රවන්නේ නම් එය කවියට ලැදි පාඨකයන්ට සතුටක් ගෙදදෙනු ඇත.

දායානන්ද රත්නායක

14199417 1175261052554215 7181597250015118707 n

14212580 1175260409220946 2038682162282544337 n

14237756 1175259132554407 1350852574591086819 n