Monday, 17 December 2018
ආදරණීය ඩිලා...

ආදරණීය ඩිලා...

අපිට මීට පස්සෙ දිගට හරහට හතරේ ඒවා දකින්න බැරිවේවි.ගලි පොයින්ට් ප්ලේස් වලින් පන්දුව යනකොට ඉබේම කියවේවි උඹේ නම. ඩිල්ස්කූප් පහර උබත් එක්කම අපිට නැතිවේවී.ඇස් පිනවන පන්දු රැකීම් යලි නොඑන්නම යාවී.

උඹ 2009 විස්සයි විස්ස ලොක කුසලානයේ දක්වපු දස්කම්.2011 ලෝක කුසලානයේ වැඩියෙන්ම ලකුණු රැස්කල හා තරගාවලියේ වීරයා හැටියට උඹ දක්වපු දස්කම් අපිට අමතක නෑ. 2014 උඹල විස්සයි විස්ස කිරුලු පළදා මව් රටට පැමිණි මොහොතේ ඒ උඹ කියපු වචන පෙළ අපිට තාම මතකයි.

එදා වැහිබර දවසක් එදා හිටපු රජයෙන් උඹලගෙන් අහනව වැස්ස හින්දා නොතෙමී යන්න වාහනයක් ලෑස්ති කරන්නද කියලා එතකොට උඹ මෙහෙම කියනවා..

'2007 ලෝක කුසලානය අනුශූරයන් වී ලංකාවට පැමිණී අවස්ථාවත් මේ වගේම වැහිබර දවසක් ඒ රටේ ජනතාව ඒ වැස්සට තෙමී තෙමී අනු ශූරයන් වූ අපිව පිලි ගැනීමට මග දෙපස රැදී සිටියා. ඒ නිසා අපට කිසිම දෙයක් ඕනි නෑ.අපට ඔවුන් අතරට යන්න දෙන්න මෙය රටේ ජනතාවගේ කුසලානය මෙය සැමරිය යුත්තේ ඔවුන්ය.'

එදා තෙමි තෙමී උඩ කොටස ආවරණය නොවු බස් රථයේ උඹල ගාලු පිටියට ආවා තවමත් මතකයි.අතීතය අමතක නෑ ඩිලා සංගා මහේලගෙන් පසුව අපිට කණ්ඩායමේ හිටපු එකම ගැලවුම් කරුවා උඹයි..කලුතර විද්‍යාලයෙන් බිහි වූ කලුතර අභිමානය ලොව රැන්දූ ඒ අනගි මිනිහ උඹයි.ඒ ගැන අප කවදත් ආඩම්බර වෙමු.

ඉතින් උඹට සුභ ගමන්
ආයුබොවන්!!