Sunday, 26 September 2021
..."මේ බදු වැඩි ම දේශයයි..."

..."මේ බදු වැඩි ම දේශයයි..." Featured

නොතෙමි යන්නට කාර් ගන්නට

ඡන්දෙ දීලා නැවත රැවටී
නැති වුනොත් පණ පිටින් එනතුරු
සුරකින්න මෙය කියා මට දී

කසාද සහතිකය අපි දෙන්නගේ
ණයට පොලියට අරං ගෙවලා
බිරිද රට ගොස් එවූ මුදලින්
වැට් එන්බීටී බීටීටී
වක්‍ර ඒවා කෙල්න් ඒවා
අරවා මේවා
හැට හුටාමාරක් බදු සමග
ගෙවා පළමු වාරිකය
ගත්ත තුන් රෝද රථයේ
ඇලෙව්වා මිලට ගෙන ස්ටිකරය

"මේ බුදුන් වැඩි මගේ දේශයයි...."

ගෙවා ගමෙ පුා.සභාවේ
වැසිකිළියටත් බදු මුදල්
මුත්‍රා කර එන ඇසිල්ලට
කවුද අසමජ්ජාතියෙක්
හූරලා එහි අකුරුඉස්පිලි පාපිලි
දැන් තියෙන්නේ

..."මේ බදු වැඩි ම දේශයයි..."

කඹුරුපිටියේ සමරවීර

(ලංකා)