Friday, 30 October 2020
වඩිනු මැනවි...

වඩිනු මැනවි... Featured

වැහි බිඳුවක
සැතපී එනු මැන
සුළං රැල්ල
හා මුසු වී...

හිරු කිරණ හා
ගුලිවී එනු මැන
උදා කල ම
පිබිදී...

තුරුපත් හිස
සිඹ එනු මැන
විහඟුන් කැළ
හා එක් වී...

අදත් හෙටත්
මතු දිනයෙත්
සිහිනයක්ව,
දෙව්ලොව සිට
වඩිනු මැනවි
තිමිරය බිඳ
පහනක්‌ වී...

- SanNil -

 

 

Last modified on Thursday, 31 March 2016 14:49