Sunday, 18 February 2018

Latest News

අපණ්ණක ජාතකය සහ අපේ ආදරය

Thursday, 27 October 2016 13:15

ගොනුන් මත සිහින පටවා

කතරක් මැදින් යන මේ ගමන

දුෂ්කරය ස්වාමීනි ...!!!

බෝසත් ටෝක් දුන්නට, ගෑණු ගණිකාවො කරන්නෙ පිරිමි - නිශානි ගමගේ

Friday, 21 October 2016 16:18

කවීෂා අයේශානිගේ මරණය සම්බන්ධව ෆේස්බුක් තුල ප්‍රචාරණය වන කරුණු බොහෝමයකින් පැහැදිලි වන්නේ නිලියෙකුට සමාජයේ පවතින ආකල්පයයි. පාන්දර 3ට පාරේ ගිය පමණට, කාරය විසිවී ගොස් බසයක වැදුන පමණට, පෙම්වතාට මැරෙනවා කියූ පමණට ඇය ගණිකාවක් වූයේ කෙසේදැයි මට නොතේරේ. නිලි වෘත්තිය තුල සමහරුන් කරන නොහොබිනා ක්‍රියා හේතුවෙන් සියලුම නිලි සංහතියටම ගණිකාව යන නම පටබැඳිය නොහැක.මම කවීෂා ගැන යමි තරමක් දේ දනිමි. එහෙත් මරණය යනු අප සෑම දෙනාටම පොදු වූ ස්ථීර න්‍යාවක් වන අතර මරණයක් හමුවේ දුක් වීම මරණය හිමි අපගේ ස්භාවයයි.එහෙත් කවීෂාද අප අතරම ඉපිද මරණය හමුවට ගිය මොහොතේ "ඕකිට ඔහොම උන එක හොඳයි" කියන මිනිසුන් ගැන අනුකම්පා කරන්නෙමි.තමන්ට කැමති දේ කිරීම පුද්ගලයකුගේ මානව අයිතිවාසිකමකි.කවීෂා නිලියක් වූයේ ඇයට අවැසි නිසාය.

_____මනස්කල්පිත කවුද?_____

Friday, 23 September 2016 14:51

ඇත්ත සර්....
“මල සමයං”
ගං තුලානෙන් නෑ ඇහුනේ
කෙටිම කෙටි උන හින්ද
“මල් සමය”
තකහනියෙ ඇවිත්
තකහනියෙ ගියා..

2016 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ කවියට මොකක් වෙයිද?

Wednesday, 07 September 2016 15:35

සාහිත්‍ය මාසය එළඹිමත් සමග සම්මාන උළෙල කීපයක් සඳහා නියෝජනය වීඇති නිර්දේශිත කෘති පිළිබඳව විවිධ කතාබහ ඇතිවෙමින් පවතී. එයින් වැඩිම අවධානය යොමුව ඇත්තේ සිංහල නවකතාව කෙරෙහිය. නවකතාවට ඇතිවන උනන්දුව අනෙකුත් ක්ෂේත්‍රයන් සඳහා යොමුවන්නේ මද වශයෙනි. කතාබහ ගොඩ නැගෙන්නේද මද වශයෙනි. එසේවුවද 2015 මුද්‍රිත කෘති අතරින් සිංහග පද්‍ය සාහිත්‍ය නියෝජනය කළ මා කියවූ මගේ සිත්ගත් පොත් කිපයක් අරබයා සම්මාන උළෙලට පෙර මේ සටහන තබන්නට සිතුනි.

ආදරණීය ඩිලා...

Tuesday, 30 August 2016 10:37

අපිට මීට පස්සෙ දිගට හරහට හතරේ ඒවා දකින්න බැරිවේවි.ගලි පොයින්ට් ප්ලේස් වලින් පන්දුව යනකොට ඉබේම කියවේවි උඹේ නම. ඩිල්ස්කූප් පහර උබත් එක්කම අපිට නැතිවේවී.ඇස් පිනවන පන්දු රැකීම් යලි නොඑන්නම යාවී.

ඈන් ෆ්‍රෑන්ක්

Friday, 05 August 2016 11:22

වසර හැත්තෑ දෙකකට පෙර අද වැනි දවසක (1944 අගෝස්තු 04) ඈන් ෆ්‍රෑන්ක් සහ ඇගේ පවුලේ සාමාජිකයින් ගෙස්ටාපෝ රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගැනු ලැබූ අතර කවුරුන් හෝ විසින් ඔවුන්ව පාවා දී තිබිණ. අගෝස්තු පළමු වැනිදා තම ඉරණම්කාර දිනපොතෙහි අවසන් සටහන තබන මේ පසළොස් හැවිරිදි යෞවනිය ජීවිතය ගැන ගොඩ නගාගෙන තිබූ ප්‍රාර්ථනා ඇසට කඳුළු ගෙන එන්නට සමත්ය.

මුත්තයියා මුරලිදරන් වෙත සිංහලෙන් ලියමි ,

Thursday, 28 July 2016 10:05

ඔබ ,සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු ලෙස සේවය කිරීමට ගත් තීරණය සමග ක්‍රීඩාවේ සදාචාරය සහ ශ්‍රී ලාංකිකත්වය පිළිබඳව හා හූවක් පැණ නැගී ඇත. ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සදාචාරය සෙවීමට වඩා නුවර වැවට වැටුණු පිං පොං බෝලයක් සෙවීම ඉතාමත් පහසු බැවින් ඒ පිළිබඳව කතා නොකරමි. ඕස්ට්‍රේලියාව පුහුණු කිරීම තුළින් මෙරටේ අභිමානය ට කැළලක් ඇතිවන්නේ යැයි කණින් කොණින් ඇසුණු බැවින් මෙවදන් පවසනු කැමැත්තෙමි.
තිලකා ජිනදාස යනු මළල ක්‍රීඩා සහ දැල්පන්දු යන ක්‍රීඩා දෙකෙන්ම ලංකා නාමය බැබලවූ ක්‍රීඩිකාවකි. 1988 සෝල් ඔලිම්පික් උළෙලේ මීටර 100 කඩුළු පැන දිවීම ඉසව්වට එක්වෙමින් මෙරට පළමු ඔලිම්පික් ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් අයෙකු ලෙස ඉතිහාසගත වන ඈ 1993 ආසියානු දැල්පන්දු සූරතාවලියේ තෙවැනි තැන දිනූ ලංකා කණ්ඩායමේ සාමාජිකාවක්ද වන්නීය. 2009 වසරෙන් පසු ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු සූරතාවයක් දිනා නැති අතර එම අවසන් ජයග්‍රාහී තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු වන්නේ ද මේ තිලකා ජිනදාසම ය.නමුත් ඉන්පසුව ලංකාවට උවමනා නොවන ඇය අදවන විට බෘනායි කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස සේවයේ යෙදෙන අතර තිලකා ජිනදාස ශ්‍රී ලංකාවට සේවය දැක්වීමට ඉදිරිපත්වන සෑම අවස්ථාවකදීම එය වැළැක්වීමට මෙරට බලධාරීන් කටයුතු කළහ.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැ‍ටුමේ යථාර්තය (වීඩියෝ)

Thursday, 21 July 2016 10:29

පසුගිය දා යාපනය විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු ගැ‍ටුම පදනම් කරගෙන විවිධ මට්ටම්වළ සිදු වූ සාකච්ඡා පරීක්ෂා කිරීමෙන් පසුව පෙනී ගියේ ඒ සාකච්ඡාවන් සෑම එකක්ම පාහේ මෙම ගැ‍ටුමට පදනම් වූ සංකීර්ණ තත්ත්වයන් ආමන්ත්‍රණය කොට නැති බවයි.

Popular News

ගොනුන් මත සිහින පටවා කතරක් මැදින් යන මේ ගමන දුෂ්කරය…
ඇසේද සිරිසේන
ඇත්ත සර්....“මල සමයං” ගං තුලානෙන් නෑ ඇහුනේ කෙටිම කෙටි උන…
වැහි බිඳුවක සැතපී එනු මැන සුළං රැල්ල හා මුසු වී...