Friday, 30 October 2020
නාය යන්නේ ඇයි? භූ විද්‍යාත්මක විමසුමක්

නාය යන්නේ ඇයි? භූ විද්‍යාත්මක විමසුමක්

නාය යාමක් යනු සාමාන්‍යයෙන් ස්වාභාවික සංසිද්ධියකි. පෘථිවිය බිහිවී වර්ෂාව ලැබෙන්න පටන් ගත් දා සිටම වාගේ නාය යාම් සිදුවෙන්නට ඇතැයි සැලකේ.

බොහෝවිට නායයාම් ස්වාභාවිකව සිදුවන ව්‍යාසනයේ වන නමුත් මිනිසාගේ ක‍්‍රියාකාරකම් ද නාය යාම් සිදුවීමට හේතු වේ.  නායයාම් වලට තුඩු දිය හැකි මිනිස් ක්‍රියාකාරීකම් අතරට බෑවුමුවල වනගහන එලිකිරීම,  පංස සංරක්ෂණ ක්‍ර‍ නොයොදා වගාව සඳහා ඉඩම් එළි කිරීම,  නිරන්තර වාහන ගමනාගමනය නිසා බෑවුම් පොළොවෙහි ඇතිවන දෙදරුම්කෑම, ගල්බෝර දැමීම නිසා භූමිය අස්ථායිවීම,  ලිහිල් පස් බැඳතබන ගස්මුල් ගැලවීම, දැවකඳන් ඇදගෙන යාම පිණිස මංපෙත් හැදීම වැනි කටයුතු ඇතුලත් වේ.

නායයෑම් වලින් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ඇතැම් රටවල භූවිදයා ආයතන පස් තට්ටු හා පර්වත වල  සංචලනයන්  නිරීක්ෂණය කරමින් නායයාමේ තර්ජන  සිතියම් ගත කර ආපදා වලක්වා ගැනීම හා කළමණාකරනය  කිරීමේ නිරතවන ආයතනවලට සැලැසුම් සහගතව නායයාම් වලට මුහුණ දීමට හැකිවන පරිදි කටයුතු කරයි.

නාය යෑම් ගැන විස්තර කරන විට භූවිදයාවේදී පෘථිවිය මතුපිට සැදුම් ලත්  පස්, පාෂාණ, ආදී ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයෙන් තිබූ තැනින් ඉවත්ව පහළට ඇද වැටීම හෝ රූටා යාම ස්කන්ධ චලනය (mass movement) ලෙස හඳුන්වනු ලැබේ.  නාය යාම්(land  slides)” රූරාව(land fall) ගැලීම්(flows) බැහීම්((flows) හිම ධාව(avalanches) පාෂණ පතන(rock falls) එම ගණයට වැටේ. මේවායින් සමහරක් ඇතැම් සමාන ලක්ෂණ පෙන්නුම් කරන අතර අපේ රටේ වඩාත් ප‍්‍රකට ස්කන්ධ චලනය “නාය යාම” ලෙසම පොදු ව්‍යවහාරයේ දී සඳහන් කරනු ලැබේ. ස්කන්ධ චලන සඳහා සාධක කිහිපයක් බලපායි.