Friday, 30 October 2020
සුධර්මන්ට ඇප දෙයි !

සුධර්මන්ට ඇප දෙයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදළියගොඩ මහතා අද (24) ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසවන ලෙස ළමයෙක් යොදාගනිමින් කරනු ලැබූ අසත්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් වන චෝදනාවකට ඔහු හා ජනාධිපති ආරක්ෂක අංශයේ මලික් මධුරංග, සරත්චන්ද්‍ර ගුණතිලක යන තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිනි.

එක් අයෙකුට ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මොවුන් මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.