Saturday, 17 November 2018
කන්තරෝඩෙයි හෙවත්  කදුරුගොඩ විහාරය

කන්තරෝඩෙයි හෙවත් කදුරුගොඩ විහාරය

චුන්නාකම් නගරය පිළිබඳ පසුගිය දා කරළියට ගැණුනේ  පානීය ජලය ප්‍රශ්නයක් සම්බන්ධයෙනි. මෙහිදි අපි ගෙන එන්නේ චුන්නාකම් හි ඇති තවත් සුවිශේෂීයත්වයක් පිළිබඳවයි.

යාපනයේ සිට කන්කසන්තුරේ මාර්ගයේ කි.මී. දහයක්‌ පමණ ගමන් කරනා විට චුන්නාකම් හන්දිය හමුවෙයි.

චුන්නාකම් හන්දියෙන් වමට හැරී කි.මී. දෙකක්‌ පමණ  ගමන් කරන විට ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයක දක්‌නට නොලැබේ කුඩා දාගැබ් රාශියක්‌ පිහිටා තිබෙන භූමි භාගයක් දැකගත හැක.

ඒ කන්දරෝඩෙයි විහාරය හෙවත් කදුරුගොඩ විහාරයයි.

කදුරුගොඩ පුරාණ විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගයේ මුල් කාලය දක්‌වාම දිව යයි.

අප්‍රකට වුණු කදුරුගොඩ  පුරාවිද්‍යාත්මක භූමිය යළි සොයාගන්නා ලද්දේ 1917 දී  යාපනය දිසා විනිසුරු වූ ආචාර්ය පෝල් ඊ. පීරිස්‌ මහතා විසිනි.

උතුරු අර්ධද්වීපයේ "පුවන්ගු දිවයින" හෙවත් පුන්කුඩුතිව් දූපතේ වැඩ සිටි මහ රහතන් වහන්සේගේ ධාතුන් මෙම දාගැබ්වල නිධන් කොට ඇති බව ජනප්‍රවාදයේ පවතීයි.

දාගැබ් ඉදිකිරීම සඳහා ගඩොල් ලෙස හුණුගල් භාවිත කිරීමද සෙසු ප්‍රදේශවල දක්‌නට නොමැති වූවක්‌ වෙයි.

එම හුණු ගඩොල් යොදාගැනිම නිසා දිගු කාලයක්‌ මෙම දාගැබ් ආරක්‍ෂාවීමට හේතුවු බව විශ්වාස කෙරේ.  

එසේ ආරක්ෂාවු දාගැබ් 22 ක්‌ පමණ මේ වනවිටත් සුරක්ෂිතව ඇත.

සටහන - තුෂාරා සෙව්වන්දි

ඡායාරූප - දේවා ජයවර්ධන

KandurugodaTemple1 600px 15

Last modified on Friday, 24 April 2015 09:25