Monday, 17 December 2018
ආදරයේ නාමයෙන් පිපුනු මල් උයන

ආදරයේ නාමයෙන් පිපුනු මල් උයන Featured

’සැබෑ ආදරය සියල්ලම ජයගනී’ යන කියමනක් තිබේ. කුරොකි යුවළ ගේ කතාපුවත ද එම කියමන සනාථ කරන්නකි.  

ආදරයෙන් බැඳුනු තොෂියුකි කුරොකි හා ඔහුගේ බිරිඳ යසුඔ යනු දෙපල ජපානයේ මියාසකි පළාතේ කිරි ගොවීන් දෙදෙනෙකි. දශක හයක් පුරාවට විවාහපත් වී දරුවන් දෙදෙනෙකු ගේ මවුපියන් වී සිටියද ඔවුන් ගේ ජීවිතය රෝසමල් යහනාවක් නොවීය.

විවාහ වී වසර 30ක් යත් ම කුරොකි මහත්මියගේ පෙනීමේ ගැටළු ඇතිවිය. දියවැඩියා රෝගය හා ඇති සෞඛ්‍යමය ගැටළු හේකුවෙන් සතියක් තුළ ඇය අන්ධ විය. දරුණු විෂාදයට ලක්වූ ඇය, නිවස තුළට ම රැඳී සිටින්නට විය.

husband plants flowers blind wife kuroki shintomi 1

සිය ආදරණීය බිරිඳ මෙවැනි ඉරණමක් අත්වීමට කුරොකි මහතා හට දරාගැනීමට නොහැකි විය. ඒ සඳහා විසඳුමක් සොයමින් සිටි ඔහුට දක්නට ලැබුනේ රෝස පැහැ ෂිබසකුරා මල් වලින් පිරුණු සිය කුඩා ගෙමිදුල දෙස ඉතා ආසාවෙන් බලා සිටින මග යන එන්නන් පිරිසකි.

මෙම මල් තවත් වැවීමට කටයුතු කළහොත් එහි සුවඳට ඇදී සිය බිරිඳ යළි එළිමහනට එනු ඇති බවත්, එහි ලස්සන නැරඹීමට වඩවඩාත් සෙනග පැමිණහොත් එමගින් සිය බිරිඳ ගේ පාළුව තනිකම මැකී යනු ඇති බවත් ඔහුට සිතුණි.

3158DEA400000578 3453325garden 2

කිරි ගොවිපල නැවතූ කුරොකි මහතා සිය බිරිඳ ගේ සතුට යළි ගෙන ඒමට සිය කාලය යොදවන්නට විය. සිය ගොවිපොල පුරාවටම ෂිබසකුරා මල් වැවීමට ඔහු ආරම්භ කටයුතු කළේය.

garden3

මේ සඳහා භූමිය සකස් කිරීමට පමණක් කුරොකි මහතාට දෙවසරක් ගතවිය.

garden4

garden5

වසර ගණනාවක් ගතවිය. සෑම වසරකම මාර්තු හා අප්‍රේල් මාස තුළ කුරොකි ගොවිපොල රෝස පැහැ ෂිබසකුරා මලින් වැසී යයි.

garden6

කුරොකි ගොවිපලේ සිරි නැරඹීමට මේ වන විට වසරකට පුද්ගලයන් 7,000ක් පමණ ජපානයේ නන් දෙසින් ඇදී එයි. ඔවුන් මෙලෙස ඇදී ඒමට හේතු වන්නේ අලංකාර ෂිබසකුරා මල්ගොන්න පමණක් නොව කුරොකි යුවළ ගේ අපූරු ආදර කතාව ද නිසාවෙනි.

garden7

ආදරේ නාමයෙන් වසර ගණනක් පුරා සිටවූ දහස් ගණනක මල් සුවඳ අතරින්  සිය බිරිඳ විෂාදයෙන් බේරා ගැනීමට කුරොකි මහතා ට හැකි විය.

garden8

garden9

කිරිගවයන් 60 දෙනෙකු සිටි ගවමඩුව අද කුරොකි යුවළේ ආදර කතාව කියාපාන මධ්‍යස්ථානයකි. දෙනෙත් අහිමි වුවත්, එහි පැමිණෙනන් හා කුරොකි මහත්මිය කතාබහ කරමින් සිටින්නේ ඉතා සතුටිනි.

garden10

කුරොකි යුවළගේ ආදරය සියල්ල ජයගත්තේ එලෙසිනි.

සටහන : ශානි
(ඡායාරූප : ඩේලිමේල්)

Last modified on Monday, 24 October 2016 16:57