Sunday, 26 September 2021
මාළු අයිස්ක්‍රීම්

මාළු අයිස්ක්‍රීම් Featured

ඔබ මාළු වලටත් හිමකිරම (අයිස්ක්‍රීම්) වලටත් කැමතිද? මෙම දෙකම එකතු වුවොත් කුමක් වේවිද?

නෑ. අප කියන්නේ මාළු රසැති හිමකිරම ගැන නම් නොවේ.

නිව් යෝක් නගරයේ මේ වන විට පැතිර යන අළුත්ම හිමකිරම උන්මාදය පිළිබඳවයි.

මෙම අපූරු හිමකිරමේ කෝන් එක සඳහා යොදාගෙන ඇත්තේ තයියකි (Taiyaki) නම් ජපානයේ රසකැවිල්ලක්.

පෑන්කේක් හෝ වොෆ්ල්ස් සඳහා යොදා ගන්නා යොදාගන්නා මිශ්‍රණය (batter) යොදාගැන මෙම මාළු හැඩැති තයියකි සාදාගනු ලැබේ.

මෙම තයියකි මාළුවාගේ වලිගය සාමාන්‍යයෙන් පැණිරස රතු බෝංචි මිශ්‍රණයකින් හෝ කස්ටර්ඩ් වලින් පුරවා තිබේ.

මෙම අපූරු රසකැවිල්ලට හිමකිරමද එක්කිරීමෙන් මෙම තයියකි හිමකිරම අලෙවි කරයි.

නිව් යෝක් නගරයේ තයියකි නම් අවන්හල විසින් අලෙවි කරන මෙම අපූරු හිමකිරම වල ඡායාරූප කිහිපයකි මේ.

- ශානි

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

Last modified on Wednesday, 28 September 2016 10:35