Sunday, 26 September 2021
චීන රේල්ලුවේ යෝධ මතක ගබඩාව !

චීන රේල්ලුවේ යෝධ මතක ගබඩාව ! Featured

කිලෝමීටර් එක්ලක්ෂ විසිදහසක දුම්රිය මාර්ගයට හිමිකම් කියන චීනයේ දුම්රිය මඟ ගොඩ නැගීමේ මතක සටහන් ගබඩාකර ඇත්තේ නැත්නම් චීන දුම්රිය කෞතුගාකාරය පිහිටා ඇත්තේ බීජින් ප්‍රධාන නගරයට ගිණිකොණ දෙසට වන්නට පිහිටි චොයෑංග් (Chaoyang District) දිස්ත්‍රික්කයේය.

වසර 1949 සිට චීනයේ දුම්රිය ඉතිහාසය සටහන්ව ඇති මෙහි ප්‍රදර්ශන බිම් ප්‍රමාණය මීටර් 16,500ක් වන අතර එය ප්‍රදර්ශන මංතීරු 8කින් සමන්විතය.

එම කෞතුකාගාරයේ කොටසක් සෙංග්යංග්මෙන් (Zhengyangmen) හි නැගෙනහිර දුම්රිය ස්ථානයට ආසන්නයේ Tian’anmen චතුරශ්‍රය ආසන්නයේ පිහිටා තිබේ.

මේ කෞතුකාගාරයේ චීන දුම්රිය මගෙහි අවධි තුනක් ඇතැයි එම කෞතුකාගාරයේ නිලධාරිනියක කියා සිටියේය.

ඇය වැඩිදුරටත් මෙසේ කීය.(වීඩියෝව)

යමුද චීන අධිවේගී දුම්රිය මැදියේ රවුමක්

මෙහි ඇති අපූරුම අංගයන්ගෙන් එකක් වන්නේ ලොව දිගම අධිවේගී දුම්රිය මර්ගයට හිමිකම් කියන චීන අධිවේගී දුම්රිය මැදිරියක සජීවී අත්දැකීමක් ලබාගත හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇති නොදුවන චීන අධිවේගී දුම්රිය මැදිරියිය.

එම දුම්රිය මැදිරියට ගොඩවන්නකුට ලැබිය හැකි අත්දැකීම පහත වීඩියෝවෙන් ඔබටත් අත්විඳිය හැකිය. (වීඩියෝව)

කැළුම් ශිවන්ත චීනයේ බෙයිජිං නගරයේ සිට…

train2

trian1

සබැඳි පුවත්
වේගයෙන් ලොව මුල්තැනට ආ චීන යකඩ යකා !

Last modified on Monday, 26 September 2016 13:52