Wednesday, 20 October 2021
උණ්ඩයෙන් දෙබෑ වූ තිනෙතක සදාකල් සැමරුම

උණ්ඩයෙන් දෙබෑ වූ තිනෙතක සදාකල් සැමරුම Featured

වසර 1991 වන විට යුද ගිනිදැල් වලට මැදි වූ ක්‍රොඒෂියාව එකම ලේ විලකි. එම අඳුරු යුගයේ මතක සටහන් මේ වන විට ඉතිරි වී ඇත්තේ එකළ ජීවිතය පවා පරදුවට තබා කටයුතු කළ ඡායාරූප ශිල්පීන් ගේ ඡායාරූප වලයි.

ගෝඩන් ලෙඩරර් යනු මෙලෙස යුදගිනි දැල් මැද නොබියව ක්‍රියා කිරීමේ වන්දිය සිය දිවියෙන් ගෙවීමට සිදුවූ එක් ඡායාරූප ශිල්පියෙකි.

ක්‍රොඒෂියාවේ බැනෝවිනා ප්‍රදේශයේ පිහිටි Čukur නම් කඳුගැටයේදී ඔහු ස්නයිපර් වෙඩික්කරුවෙකුට බිලිවිය.

ඔහුගේ රුධිරය වැගිරුනු මෙම කඳුගැටය මත අද ඇත්තේ ස්නයිපර් උණ්ඩයකින් පුපුරා ගිය දැවැන්ත කැමරා කාචයක රුවකි. මෙම කාචය වෙත ඒමට ඇති කොන්ක්‍රීට් පඩි 33කි. ඒ, මිය යන විට ලෙඩරර් ගේ වයසයි.

ක්‍රොඒෂියානු ගෘහනිර්මාණ ශිල්ප සමාගමක් විසින් නිර්මාණය කෙරුණු මෙම අපූරු ස්මාරකය ඉදිකර ඇත්තේ ක්‍රොඒෂියානු යුද්ධයේදී මියගිය සියළු ඡායාරූප හා කැමරා ශිල්පීන් වෙනුවෙනි.

(ඡායාරූප : ඩිමිල්ක්ඩ්)

Lense1 600px 16 07 05

Last modified on Wednesday, 06 July 2016 09:31