Wednesday, 20 October 2021
වොෂිං මැෂින් වීථි ලාම්පු

වොෂිං මැෂින් වීථි ලාම්පු Featured

දිනපතා අප ඉවතලන දෑ වලින් කෙතරම් ප්‍රමාණයක් යළිත් පාවිච්චියට ගත හැකිද?

ඉහත දැක්වෙන විචිත්‍රවත් වීථි පහන් දෙස බලන්න. මෙම අපූරු පහන් සාදා ඇත්තේ ඉවතලන ද්‍රව්‍යයකින් යැයි පිළිගත හැකිද?

මෙය පෘතුගාලයේ මැඩෙයිරා දිවයිනේ Câmara de Lobos නගරයේ වීථියකි. සාඹ් පේද්‍රෝ නම් උළෙලක් සැමරීම සඳහා මෙම අපූරු වීථි පහන් එල්ලා තිබේ.

Teatro Metaphora නම් සංස්කෘතික එකතුවක් විසින් සිදුකර ඇති මෙම නිර්මාණය සාදාගැනීමට යොදාගෙන ඇත්තේ කැඩී ඉවත ලූ රෙදි සෝදන යන්ත්‍ර වල ඩ්‍රම් කොටසයි.

මින් බොහොමයක් කසල ලෙස වීථි වල දමා ගිය රෙදි සෝදන යන්ත්‍ර වලින් සොයාගෙන ඇති අතර, ඇතැම් ඒවා භාවිතා කිරීමට නොහැකි රෙදි සෝදන යන්ත්‍ර අයත් අයිතිකරුවන් විසින් ප්‍රදානය කළ ඒවාය.

මෙම කොටස් අවශ්‍ය ප්‍රමාණය එකතු කිරීමට මාස 6ක් ගත වී ඇති අතර, ඉන්පසුව ඒවා පිරිසිදු කර, නගරසභා සේවකයන්ගේ සහය ඇතිව වීථිය මතින් වූ වියනක් සේ එල්ලා තිබේ.

කුණුකසල වලින් සැදුනත්, වෛවර්ණ විදුලි බුබුළු වල ආධාරයෙන් එළිය වූ මෙම අපූරු කලා නිර්මාණයේ අසිරිය පහත ඡායාරූප වල දැක්වේ.

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

Last modified on Tuesday, 28 June 2016 07:57