Wednesday, 20 October 2021
කුඩා පින්තාරුවේ විශාල සුන්දරත්වය

කුඩා පින්තාරුවේ විශාල සුන්දරත්වය Featured

හොඳින් ඇසට කනට පෙනෙන දේ මෙන්ම ඉතා කුඩා දේ වලද ඇත්තේ වෙනස්ම ආකාරයේ ලස්සනකි. ලොව කුඩා දේවල් අතරින් ඉතා කුඩා පින්තාරු (Miniature paintings) වලට කවදත් හිමිවූයේ සුවිශේෂි තැනකි.

භාවිතා කරන ශෛලිය, අමුද්‍රව්‍ය අනුව මෙම නිර්මාණ එකිනෙකට වෙනස් වෙයි.

පහත දැක්වෙන්නේ විසි හැවිරිදි රේචල් බෙල්ට්ස් ගේ අපූරු කුඩා දියසායම් නිර්මාණ කිහිපයකි.

කුඩා කල සිට චිත්‍ර ශිල්පයට දස්කම් දැක්වූ ඇය පළමු වරට මෙවැනි කුඩා දියසායම් නිර්මාණ කර ඇත්තේ රහසිතවය. ඒ, සිය පවුලේ සාමාජිකයන් සඳහා වූ නත්තල් තෑගි වශයෙනි.

“ඔවුන්ගේ මුහුණු වල තිබුණු සතුට මට නව පණකුත් කලා ලොවට එන්න නව පන්නරයකුත් ලබා දුන්නා,” යැයි ඇය කියා සිටියි.

මිලිමීටර් කිහිපයක් පමණක් විශාල ඇගේ දියසායම් කෙතරම් කුඩා ද යන්න හැඟෙන්නේ ඒ වටා ඇති කෝපි ඇට, මල්, කොළ වැනි වැනි සාමාන්‍ය ජිවිතයේදී හමුවන දෑ හා සැසඳීමේදීය.

“අද, මම කලාවට ආදරය කරනවා. දියසායම් වලින් ඉතාමත් කුඩා චිත්‍ර නිර්මාණය කිරීමේ අභියෝගයට මං හරිම කැමතියි. දැන් මම මගේ විනෝදාංශය වෘත්තියක් කරගන්නවා” යැයි ඇය වැඩිදුරටත් පවසයි.

(බෝර්ඩ් පැන්ඩා)

 

Last modified on Monday, 27 June 2016 08:08