Wednesday, 20 October 2021
කායවර්ධන ශූරියක් වූ 80 පැන්න ආත්තම්මා

කායවර්ධන ශූරියක් වූ 80 පැන්න ආත්තම්මා Featured

’ඉස්සර වගේ නෙමෙයි දැන් වයසට ගිහින්’ කියලා ඔබටත් හිතෙනවාද? එසේ සිතෙනවා නම් මැය දෙස බලන්න.

නමින් අර්නස්ටයින් ෂෙපර්ඩ් වන ඇය, ලොව වියපත්ම කායවර්ධන ක්‍රීඩිකාවයි.

දිනපතා පාන්දර 3ට අවදි වන ඇය, සතියකට සැතපුම් 80ක් පමණ දිව යන අතර, ඉතා පෝෂ්‍යදායී එහෙත් කැලරි සීමා කරන ලද ආහාර වේලක් අනුගමණය කරයි.

මේ වන විට 80 වියේ පසුවන ඇය, වසර 2010 - 2011 දක්වා වයස්ගතම වෘත්තිය කායවර්ධන ක්‍රීඩිකාව ලෙස ගිනස් වාර්තාවක් ද තබා තිබේ.

කෙසේ වෙතත්, පුදුමයට කරුණක් වන්නේ ඇය වයස 56 වන තෙක් කිසිඳු ව්‍යායාමයක යෙදී නොතිබීමයි.

එතරම් කෙටි කාලයකින් මෙතරම් දුරක් යාමට හැකිවීමේ රහස? ආත්ම ශක්තිය, කැපවීම හා නොපසුබට උත්සාහය නෙවන්නේද.


Media

Last modified on Wednesday, 22 June 2016 08:15