Wednesday, 20 October 2021
නිර්මාංශ සුෂී ඩෝනට්

නිර්මාංශ සුෂී ඩෝනට් Featured

සුෂී හා ඩෝනට් යනු ලොව පුරා අතිජනප්‍රිය කෑම වර්ග දෙකකි. මෙම ආහාර වර්ග දෙක ගත් කළ විවිධාකාරයේ වර්ග දැකිය හැක.

මේ දින වල අළුත්ම වර්ගය සුෂී ඩෝනට් ය. නම ඩෝනට් ලෙස යොදා තිබුණත්, ඩෝනට් වලට මෙහි ඇති එකම සමානකම හැඩය පමණි.

මෙම නිර්මාණය, ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවියේ ආහාර නිර්මාණකරණ ඡායා එකතු කරන්නන් අතර ඉදිරියෙන් ම සිටින කලාකාරිණියක් වන සෑම් ගේ ය.

ඩෝනට් අච්චුවකට පොල්තෙල් ගා නිවුනු බත් යොදාගනිමින් ඇය, ඒ ආධාරයෙන මෙම ඩෝනට් හැඩැති සුෂී නිර්මාණය කරයි.

මෙම සුෂී ඩෝනට් සරසා ගැනීමට ඇය කළු තල ඇට, ඉඟුරු, වසාබි, අලිගැටපේර ඇතුළු විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරයි.

මෙහි විශේෂත්වයක් වන්නේ ඇගේ මෙම නිර්මාණ නිර්මාංශ වීමයි.

සෑම් ගේ අපූරු සුෂී ඩෝනට් වල ඡායාරූප කිහිපයකි මේ.

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

Last modified on Tuesday, 21 June 2016 08:21