Wednesday, 20 October 2021
ගැඹුරු හැඟීමක සුවිශේෂ සටහන

ගැඹුරු හැඟීමක සුවිශේෂ සටහන Featured

තම ලෙයින් මසින් සැදුනු දරුවා සිය දෑසින් දැක ගන්නා තෙක් මවක් හා පියෙක් කෙතරම් පෙරුම් පුරනවා ඇතිද?

දස මසක් පුරා දෙමාපිය සිත් වල දරා සිටින මෙම හැඟීමේ උච්චතම අවස්ථාව දරු උපතයි.

සිය දරුවා පළමු වරට සිය දෑසින් දැක ගැනීමේ හැඟීම කෙතරම් බලවත් දැයි දැනෙනුයේ එය අත්විඳි අය පමණි.

බෙල් පැන්ග්බර්න් හා රිවර් බර්නෙට් යනු එම අත්දැකීම විඳගත් මව්වරුන් දෙදෙනෙකි.

ගැඹුරු හැඟීම් දෝරෙ ගලනා එම සුවිශේෂී මොහොත ඔවුන් සිය කැමරා කාචයේ සටහන් කරගන්නේ ‘ෆර්ස්ට් හෙලෝ’ නම් ව්‍යාපෘතියක කොටසක් ලෙසයි.

ඔවුන් සිය කැමරා කාචයේ සටහන් කර ගත් අමරණීය ඡායාරූප පෙළකි මේ.

(ඡායා : ඩේලිමේල්)

Last modified on Wednesday, 15 June 2016 07:10