Sunday, 26 September 2021
පරිසරය මුහුවුණු ස්වාභාවික ආභරණ

පරිසරය මුහුවුණු ස්වාභාවික ආභරණ Featured

ඇමෙරිකාවේ චිකාගෝ නුවර වෙසෙන එරින් ලරාක් තමන්ව හඳුන්වාගන්නේ ස්වාභාවික ආභරණ කරුවෙකු ලෙසයි.

එයට හේතුව ඇය නිර්මාණය කරන ආභාරණ සමඟ නිරන්තරයෙන් ස්වභාවික පරිසරයෙන් හමුවන දෑ මුසු කිරීමයි.

ඇය මේ සඳහා යොදාගන්නේ මිචිගන් ප්‍රාන්තයේ පිහිටා ඇති හිවාතා ජාතික වනාන්තරයෙන් සොයාගන්නා මල්, පාසි, කුඩා පැළෑටි වැනි විවිධ ද්‍රව‍යයි.

ඒවා ලහටු වල ගිල්වා ලී රාමුවකින් ආවරණය කර දිදුලන මතුපිටක් එන තුරු මැද ගැනීම හරහා ඇය මෙම අපූරු පැන්ඩන නිර්මාණය කර තිබේ.

මෙම නිර්මාණ වලට වැඩි වටිනාකමක් එක්වන්නේ ඒවා අතින් නිර්මාණය කර ඇති හෙයිනි.

(මූලාශ්‍රය සහ ඡායාරූප - මයි මොඩර්න් මෙට්)

ForganP1 600px 16 02 01

Last modified on Tuesday, 02 February 2016 12:43