Monday, 17 December 2018
දිල්රුක්ෂි 'ෆයිල්' ඉස්සුවාදයි සැකයක් !

දිල්රුක්ෂි 'ෆයිල්' ඉස්සුවාදයි සැකයක් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, එම ආයතනයේ අතවශ්‍ය ලිපිගොනු රැසක් රැගෙනගොස් ඇද්දැයි වහාම සොයා බලන ලෙස ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු එම ආයතනයේ ප්‍රධානියකුට දැනුම්දී ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

ජනාධිපතිවරයා වෙත යොමුකර තිබු ඉල්ලා අස්වීමේ ලිපිය බාරගන්නා බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් පසු, සිය නිල නිවාස බාරදීමට කාර්යාලයට පැමිණි දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය, පැය තුන හතරකට වැඩි කාලයක් කාර්යාලයේ රැඳී සිටිමින් අත්‍යවශ්‍යය ලිපිගොනු රැසක් වාහනයක් දමාගෙන ගොස් ඇති බවට අදාළ ඇමතිවරයාට දැනගන්නට ලැබී ඇතැයි පැවසේ.

ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්කර තිබේ.