එහි ආරම්භක පියවර ලෙස සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් දිනපතා හා ඉරිදා ජාතික පුවත්පත් ලබන වසරේ ජනවාරියේදී ආරම්භ කිරීමට නියමිත බවත්, ගුවන් විදුලි හා රූපවාහිනී සේවා දෙකක් හා වෙබ් අඩවි ජාලයක් ඒ අනුව නුදුරේම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.
එම පුවත්පත් සමුහයේ අධ්‍යක්ෂකවරුන් ලෙස ජාතික පුවත්පතක ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ කර්තෘවරයකු හා ජ්‍යෙෂඨ දේශපාලන තීරුලිපි රචකයකු බඳවා ගැනීමට නියමිත අතර පුවත්පත් ආරම්භ කිරීමට අදාළ අනෙකුත් කාර්ය මණ්ඩල දෙසැම්බර් මාසයේදී බඳවා ගැනීමට තීරණය කර ඇතැයි ද පැවසේ.
ඇමතියෙක් හා තානාපතිවරයෙක් :
මෙම මාධ්‍ය ආයතනය එජාප ප්‍රබල ඇමතිවරයකු ගේ මෙහෙයවීම මත සම්බන්ධීකරණය කෙරෙන බවත්, ඔහුගේ ඉල්ලීම මත විදේශයක සේවය කරන ශ්‍රී ලංකා තානාපති සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මේදිනවල දිවයිනට පැමිණ මෙම මාධ්‍ය ජාලයට අදාළ මුලික කටයුතු සැලසුම් කරන බවත් පැවසේ.
මෙම පුවත්පත් ප්‍රකාශයට කිරීමට අදාළ මුද්‍රණ යන්ත්‍ර මෙම වසර අගදී මෙරටට ගෙන ඒමට ද කටයුතු යොදා ඇති බවද වාර්තාවේ.
එක්ස්ප්‍රස් පුවත් සමාගම :
අර්ජුන් ඇලෝසියස්ගේ සීයා වන (මවගේ පියා) වෙන්සස් ලෝස් මහතා එක්ස්ප්‍රස් පුවත් සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුට එහි සියයට 25 ක කොටස් හිමිකාරිත්වයක් ද තිබිණ.
ඔහු විසින් එම කොටස් අර්ජුන්ගේ මවට පවරනු ලදුව ඇය විසින් මේ වන විට එම කොටස් අර්ජුන් ඇලෝසියස් මහතාට පවරාදීමට තීරණය කර තිබෙන බව 'සත්හඬ' පුවත්පත වාර්තා කර තිබිණ.