ටෙස්ට් පිටියේ මෙන්ම එක්දින පිටියේද පෙරලිකාර දස්කම් රැසක් වාර්තා කර ඇති ඩිල්ෂාන් 2009 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය උඩුයටිකුරු කරමින් ඉන් පෙර කිසිවෙකු දැක නොතිබූ පහරක් කි‍්‍රකට් ලොවට හදුන්වා දුන්නේය.
අදටත් ක්‍රිකට් ශබ්දකෝශයේ ක්‍රීඩකයෙකුගේ නමින් ඇති එකම පහර වන්නේ ඔහු හදුන්වාදුන් ඩිල්ස්කූප් පහරයි.
2011 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද ඩිල්ෂාන්ට හිමිවුණි.
විවිධ අභියෝග මැදින් කණ්ඩායම මෙහෙයවූ ඩිල්ෂාන් කණ්ඩායම වෙනුවෙන් තම දායකත්වය නිරතුරුවම ලබාදුන් ප්‍රමුඛතම කී‍්‍රඩකයෙකි.
ජගත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ සිව් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඩිල්ෂාන් ක්‍රිකට් ඉතිහාසයට එක්වී තිබේ.
අපේ රටින් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් ඊයේ (09) සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේය.
එම තරගය අවසානයේදී ඩිල්ෂාන් ප්‍රේක්ෂකයන් වෙත ගොස් ආචාර දැක්වූයේ ක්‍රිකට් ලෝලීන්ගේ නෙතට කඳුලක් එක්කරමිනි.
මුලාශ්‍රය හා ඡායාරූප - වෙබ් ගොසිප්