Monday, 09 December 2019
සුජානිගේ මව FCID යට බැණ පන්නාගනියි !

සුජානිගේ මව FCID යට බැණ පන්නාගනියි ! Featured

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හිමිකාරිත්වය දරන එන්.ආර්. ඇසෝසියේට්ස් (NR Associates) සමාගමේ සාමාන්‍යධිකාරී තනතුර දැරූ සුජානි බෝගොල්ලාගම අත්අඩංගුවට ගැනීමට ඇගේ කුරුණෑගල පිහිටි නිවසට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (16) ගිය අවස්ථාවේදී සුජානිගේ මව ඔවුන්ට බැණවැදී පන්නාගෙන ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

සුජානිව අත්අඩංගුවට ගැනීමට ගොස් ඇත්තේ එන්.ආර්. ඇසෝසියේට්ස් (NR Associates) සහ “ගවර්ස් ලේන්” සමාගම් දෙක සිදු කර ඇතැයි කියන මුදල් ගණුදෙනු 14ක් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමටය.

සුජානි, හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාගේ සහෝදරයෙකු වන ජනක බෝගොල්ලාගම මහතා ගේ දියණියයි.

කෙසේවුවද, ජනකගේ පුවලේ අය හා රෝහිත ඥාති සම්බන්ධකම් නොපවත්වන බවද විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ජනක බොගොල්ලාගම කලක් ප්‍රසිද්ධව සිටියේ ඉඩම් කොටස්කර විකිණීමේ ව්‍යාපාරය සඳහාය.

සුජානි, ටෙනිස් ක්‍රීඩිකාවක් වන අතර ඇය කාන්තා විද්‍යාලයේ ආදි සිසුවියකි.

දැන් සුජානි නවලෝකේ ?

ඇය, මේවන විට නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද මේ අතර වාර්තා වේ.

සබැදි පුවත්

නාමල්ගේ ගුවන් සේවිකාව රිමාන්ඩ්

Last modified on Thursday, 18 August 2016 13:03