Tuesday, 19 January 2021
මගෙ පෙම්වතා හේමාල් - පියුමි : මගේ සම්බන්ධයක් නෑ - හේමාල්

මගෙ පෙම්වතා හේමාල් - පියුමි : මගේ සම්බන්ධයක් නෑ - හේමාල්

“මම මේ රූ රැජින තරගෙට පස්සේ උදයකාන්ත අයියා අධ්‍යක්ෂණය කරන මං රඟපාන මුල්ම ෆිල්ම් එකට ලෑස්ති වෙනවනේ. ඒකේ මගෙ පෙම්වතා හේමාල්.” යැයි පියුමි හංසමාලි කියා සිටී.

පියුමි මේ ප්‍රකාශය කර ඇත්තේ පුවත්පතකටය.

කෙසේවුවද පියුමිගේ අදාළ ප්‍රකාශය සත්‍යක්දැයි හේමාල් රණසිංහගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ තමන් එම චිත්‍රපටයේ රඟ නොපාන බවයි.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන උදයකාන්ත වර්ණසූරිය ද පියුමි හංසමාලිට වැරදීමක් වී ඇති බව මාධ්‍යට හෙළිකර තිබේ.