Thursday, 06 May 2021
රසිකාවියක් හේමාල්ට දුන් අපුරු තෑග්ග

රසිකාවියක් හේමාල්ට දුන් අපුරු තෑග්ග Featured

නිරූපන හා රංගන ශිල්පියෙකු වන හේමාල් රණසිංහට පසුගියදා අපුරු සිදුවීමක් වී ඇතැයි වාර්තා වේ.

මේ දිනවල තිරගතවන "ආදරණීය කතාවක්" සිනමාපටයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් හේමාල් නුවර ප‍්‍රදේශයට ගිය අවස්තාවකදී රසිකාවියක් විසින් ඔහුට රත්තරං මාලයක් ලබාදී තිබේ.

හේමාල් විසින් එම මාලය කොතරම් ප‍්‍රතික්ෂේප කළද එය යළි එම රසිකාවියට දීමට ඔහුට නොහැකිවී ඇතැයි පැවසේ.

හේමාල් විසින් එම තෑග්ග ලැබුණායින් පසු "මෙච්චරටම මට රසිකයන්ගේ ආදරය තියනවා නේද" කියලා ඔහුගේ ලග සිටි සහෝදර ශිල්පියෙකුටද පවසා ඇත.

හේමාල් විසින් ප්‍රචාරණ කටයුතු සදහා යන අවස්ථාවලදී සමහර සිනමාශාලාවලට තරුණ ගැහැනු ළමයින් රංචු පිටින් පැමිණෙන බවද මේ අතර වැඩිදුටත් වාර්තා වේ.

Last modified on Sunday, 07 August 2016 10:27