Monday, 09 December 2019
නිශා, පබිලිස් එක්ක හැදුවේ පරිප්පුද ?

නිශා, පබිලිස් එක්ක හැදුවේ පරිප්පුද ?

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේ ජාතික රූපවාහිනියේ නුගසෙවණ සජීවී වැඩසටහනටද එක්ව සිටියාය.

ඇය එම වැඩසටහනේදී සූපවේදී පබිලිස් සිල්වා සමඟ ලංකාවට ආවේණික ආහාර පිලියෙල කර ගැනීමටද දායක විය.

ඒ සඳහා අය සූපවේදී ඇඳුම් පැළඳුම් වලින්ද සැරසී සිටියාය.

ඉන්දියානු ජාතික නිශා පුරුද්දක් ලෙස මෙවැනි සූපවේදී වැඩසටහන් ප්‍රියකරන්නියක බවත් ආහාර පිලියෙළ කිරීම ඇගේ විනෝදාංශයක් බවත් පැවසේ.

ලංකාවේ සංහිඳියා වැඩපිලිවෙල ගැන ප්‍රසාදයෙන් සිටින ඇය මේ වනවිට එය ලබාතිබෙන ප්‍රගතිය ගැන වර්ණනා කර ඇමරිකාවට වාර්තාකර තිබේ.

කෙසේවුවද, මේ සිද්ධිය දේශපාලන කතා බහ අතර පැතිර ඇත්තේ නිශා ලංකාවට පැමිණ පබිලිස් එක්ක හැදූ හොද්ද පරිප්පුවක්ද යන්න සැක සහිත බවයි.

සාමාජගත ව්‍යාවහාරයේදී පරිප්පු යන්නෙන් අනවශ්‍ය කරදරයක් යන අරුත ගෙනේ.