Monday, 09 December 2019
ගයන්ත, රනිල්ට අත්ට්‍රැක්ටරයක යන්න කියලා

ගයන්ත, රනිල්ට අත්ට්‍රැක්ටරයක යන්න කියලා

පාර්ලිමෙන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, අගමැතිවරයා බදුල්ලේදී ත්‍රීරෝද රියක ගිය එක හොඳබවත්, මීළඟ සැරේ අත්ට්‍රැක්ටරයක යන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇතැයි වාර්තා වේ.

ඇමතිවරයා, අගමැතිවරයාට මේ යෝජනාව කර ඇත්තේ කොළඹ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.

ඒ අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්ව සිට ඇත.

ගයන්තගේ මේ කතාවත් සමඟ එහි රැස්ව සිටි සියල්ලෝ සිනාසුන බවද පැවසේ.