Monday, 19 February 2018

Latest News

ත්‍රස්තවාදී පනත ට අලුත් මුහුණක් සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නීතිගත කිරීම

Tuesday, 18 October 2016 09:42

රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නොකඩවා දශක ගණනාවක් තම දේශපාලන විරුද්ධ වාදීන් විනාශ කිරීම සදහා ඉතාමත් කුරිරුලෙස යොදා ගැනීම මගින් ලංකාව වාර්තාවක් පිහිටුවා ඇත.එහෙව් රටක එම ප්‍රචණ්ඩත්වය නීත්‍යනුකුල කොට තවත් මර්දනකාරී වගන්ති අලුතින් නීති පොතට ඇතුළත්කොට පවත්වා ගැනීම සදහා යහපාලන ආණ්ඩුව තීරණය කොට ඇත. නීති උපදෙස් නොමැතිව සැක කරුවෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නීති ප්‍රතිපාදනය ක් මෙයට ඇතුලත් කිරීමට ද තීරණය කොට ඇත.එම අයිතිවාසිකම ද ලැබෙනු ඇත්තේ ඔවුන් සැකකරුවා පරලොව යැවීමට තීරණය නොකළහොත් පමණි.දැනට ඇති අතුරුදහන් කල ලැයිස්තුවල නම් දහස් ගණනකින් යුක්තය.සකකරුවාට නීති උපදෙස් ගැනීමේ අයිතිවාසිකම අහෝසි නොකළ යුත්තේ එම නිසාය. එය ඔවුන්ගේ ජීවිතය බේරීමට උපකාරී වනු ඇත.මෙය සම්මත කළහොත් අපේ දේශපාලනය අශිෂ්ඨවයේ සංකේතයක් ලෙස එය පවතිනු ඇත.

මහාබාධක පවුර මැරිලා නෑ.එත් තත්වෙ බරපතලයි!

Monday, 17 October 2016 12:42

ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය මියගොස් ඇති බවට පලවන වාර්තා සත්‍යයෙන් තොර බව පරිසර විද්‍යාඥයන් පවසයි.

දේශපාලනඥයන්ගේ දරුවන්ට හොඳ “පාඩම් පොතක්” වූ ආදීල්

Saturday, 15 October 2016 15:22

දෛනික වැඩ කටයුතු අවසන් කර නින්දට යෑමට සැරසුණු මොහොතේ, බදාදා රාත්‍රී 10.40ට පමණ අප හිතමිත්‍ර ක්‍රිෂාන්ත කුරේ ‍මහතාගෙන් ඇමතුමක් ලැබිණි. සාමාන්‍යයෙන් ක්‍රිෂාන්ත රෑ දෙගොඩහරිජාමේ කථා නොකරන්නෙකු බැවින්, ඇමතුම විශේෂ හා හදිසි එකක් බව කල්තියා තේරුම් ගත්තෙමි. අපේක්ෂා කළ ආකාරයටම එය හදිසි එකක් විය. “නරක ආරංචියක් ගැන කියන්නයි කථා කළේ ආදීල් නැතිවෙලාය කියලා ආරංචියක් ලැබුණා. පොඩ්ඩක් හොයලා බලන්න” දුරකථනයේ එහා කෙළවරින් ලැබුණු ඒ පණිවිඩය අදහාගත හැකි එකක් නොවූයේ හිරිමල් වියේ පසුවූ ජවසම්පන්න ආදීල්ට කිසිදු ඉහෙන් බහින රෝගයක් නොතිබුණු බැවිනි. ආදීල්ලා රැසක් නොසිටි, අපේ මිතුරු සමාගම තුළ සිටි එකම ආදීල් වූයේ, ආදීල් බාකීර් මාකාර්ය. හිටපු අමාත්‍ය, ඉම්තියාස්ගේ පුත්‍රයා වූ ඔහු හා අප අතර ඇති මිත්‍රත්වයේ ඉතිහාසය වසර දහයකට වඩා වැඩිය. ක්‍රිෂාන්තට එම ආරංචිය ලැබී තිබුණේ රේගු ප්‍රධානී, චූලානන්ද පෙරේරාගෙනි.

අනන්‍යතාවය ප්‍රශ්න කරමු

Thursday, 13 October 2016 12:34

අපි මෙතෙක් කරපු සාකච්ඡාව තුළ කේන්ද්‍රීය ප‍්‍රශ්නය වුනේ ස්ත‍්‍රීත්වය නැතිනම් පුරුෂත්වය කියන එක අපි කොහොමද නිර්ණය කරන්නෙ කියන එක. අපි දැක්ක සම්භාව්‍ය ස්ත්‍රීවාදය විසින් මේ කාරණය ප‍්‍රශ්න කළා. අපිට සාමාන්‍යයෙන් පොදුවේ ස්ත්‍රීත්වය සහ පුරුෂත්වය සම්බන්ධයෙන් තියෙන අදහස් සමාජය විසින් ගොඩනගන අදහස් කියලා. ඒක නිසා තමයි අර අපි කලින් කතා කරපු sex සහ gender එයා කිව්වා sex සහ gender වෙන් කිරීම පවා හැදෙන්නෙ gender  නිසා කියල. එතකොට මේ තර්කය සහ ඊට පස්සෙ ජුඩිත් බට්ලර් කරපු වැදගත් ම දෙවෙනි යෝජනාව තමයි ස්ත‍්‍රීවාදය කියන එක දේශපාලන ව්‍යාපාරයක් ලෙස සාර්ථක වීමේ එකම කොන්දේසිය තමයි ස්ත‍්‍රිය කියල. සමස්ථයක් නිර්මාණය කරලා ඒකට විමුක්තිය ලබාදීමේ ව්‍යාපෘතිය වෙනුවට ස්ත්‍රීත්වය කියන එක කිසියම් ආකාරයක පීඩිත භූමිකාවක් ලෙස හදුනාගෙන ඒක සමග සම්බන්ධ වුන අනෙකුත් පීඩිත ව්‍යාපාරයන් එක්ක එකට බැදුනු පොදු අරගලයක් බවට පත් කිරීම එහෙම නැත්නම් ඒක විශ්වීය අරගලයක් බවට පත් කිරීම කියන එක.

නූතන ලාංකික වාස්තු විද්‍යා පෙළහරේ මුල් දොර ඊනා ද සිල්වා නිවස

Wednesday, 12 October 2016 14:36

මුළු ඉතිහාසය පුරාම සැරි සැරුවත් ලාංකික වාස්තු විද්‍යාඥ යකු ලෙස ජෙෆ්රි බාවා තරම් කියැවුණු හෝ ලියැවුණු කෙනෙක් නැත. සැබැවින්ම ජෙෆ්රි බාවා යනු කවරෙක් දැයි හරියකට නොදැන පවා ලංකාවේ ඕනෑම පෙදෙසක ඔහු ගැන අසා ඇති අයකු හෝ සිටිනවාමය. ලංකාවේ පාර්ලිමේන්තු ගොඩ නැගිල්ල, දඹුල්ලේ කණ්ඩලම හෝටලය, ගාල්ලේ ලයිට් හවුස් හෝටලය, බෙන්තොට බීච් හෝටලය හෝ අඩුම ගානේ ලුණුගඟ උද්‍යානය නිසා වත් ජෙෆ්රි බාවා ගැන අසා නැති කෙනෙකු සොයා ගැනීමට බැරි තරම් ය. ඔහුගෙන් පසුව එතෙක්,මෙතෙක් දහස් ගණනක් වාස්තු විද්‍යාඥයන් ලංකාව තුළ බිහි වුවත්, ලංකාව තුළ හෝ ඉන් පිටතත් ලාංකික වාස්තු විද්‍යා ක්ෂේත්‍රය සමඟ මුලින්ම කියවෙන්නේ ඔහුගේ නමයි. පාර්ලිමේන්තු සංකීර්ණය හෝ වෙනත් සුපිරි හෝටල් ගොඩනැගිලිවල සුවිශේෂි බව නිසා ජෙෆ්රි බාවා ගැන නිතර කියැවුණත් පුද්ගලිකව ඔහුගේ නිර්මාණ චාරිකාවේ ආරම්භක කාල වකවානුව ගැනත් ශ්‍රී ලාංකික වාස්තු විද්‍යා සම්ප්‍රදායෙහි ගමන වෙනස් කිරීමට දායක වූ ඔහුගේ මුල්කාලීන ගොඩනැගිලි පිළිබඳවත් කියැවෙන්නේ ඉතා කලාතුරකිනි.

ඔබේ රටේත් විද්‍යාඥයින් ග්ලයිෆොසේට්‌ මිථ්‍යාව වපුරනවා

Tuesday, 11 October 2016 10:11

ප්‍රංශ මාධ්‍යවේදිනී මාරි මොනික්‌ රොබින්සන්

1960 දී උපත ලද මාරි මොනික්‌ රොබින්a ප්‍රංශ ජාතික රූපවාහිනී මාධ්‍යවේදිනියක්‌, වාර්තාමය චිත්‍රපට නිෂ්පාදිකාවක්‌ ලෙස ප්‍රචලිත වන අතර, ඇය විසින් හෙළිදරව් කරන ලද විවිධ ජාවාරම් හෝ සමාජ අගතීන් අළලා සැකසුණු වීඩියෝ පට, චිත්‍රපට හා පොත්පත් ඉතා වේගයෙන් ජනයා අතර පැතිර ගියේය. ඇය බොහෝ සම්මානයන්ගෙන් පිදුම් ලැබූයේ සමාජ ආරක්‍ෂණය හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඇය අතින් වූ මෙහෙය නිසාවෙනි. මෙම සමාජ සේවය නිසා ඇතැම් විට ඇයට ලැබුණේ අප්‍රමාණ කෙනෙහිලිකම් හා පීඩනයන්ය. නමුත් ඇය සවිමත් මවක්‌ ලෙස ලෝකයේ සියලුම දුවා දරුවන් වෙනුවෙන් යහපත් හෙට දිනක්‌ බිහිකරලීමට කැපවී සිටින්නීය.

යුදහමුදාවට වයස 67යි : මෙතැනින් කොතැනටද?

Monday, 10 October 2016 10:44

රටේ ආගම හා සමාන තත්වයක් රණවිරුවන් කෙරෙහි නිර්මාණය වනවිට එය තම පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා අවභාවිතය කිරීම පසුගිය ආණ්ඩුව විසින් සිදුකළ මූලික කාරණා වලින් එකකි. එය මනාව හඳුනා ගැනීමට හැකි වූ අදාළ ආයතනවල සේවය කළ තැන-දුටු තැන වල ඉහගන්නා අයවලුන්, තමන් සිහිනෙන්වත් නොපැතූ නිලතල, බලය මෙන්ම ධනය උපයා ගැනීමට සමත්වූහ. එල්. ටී. ටී. ඊ. සංවිධනය සතුවූ ධනය සහ අවි ආයුධ සම්බන්ධයෙන් පැහැදිළි සහ විනිවිදභාවයෙන් යුතු විඝණනයක් සිදු නොකිරීම මෙන්ම යුද්ධයෙන් පසු ඉතුරු වූ අවශේෂ වලින් තම පුද්ගලික ආශාවන් සංතෘප්ත කරගැනීම හැරෙන්නට රාජ්‍යයේ කල්පැවැත්ම වෙනුවෙන් කටයුතු කළේ ඉතාම සීමිත පිරිසකි. එසේම, එල්. ටී. ටී. ඊ. සංවිධානය සතු අධි සුඛෝපභෝගී වාහානවල කොටස් ගලවා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට රැගෙනවිත් වාහන විකුණන ව්‍යාපාර ආරම්භ කළ නිලධාරීන් ගැනද සඳහන් වේ.

'මට විශ්වාසයක් නැහැ, නමුත් බලාපොරොත්තුවක් තියෙනවා' - ආචාර්ය සරවනමුත්තු

Saturday, 08 October 2016 16:35

ආණ්ඩුවේ ජාතික සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය යටතේ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පිහිටුවන ලද්දේ 2016 ජනවාරි මාසයේදී ය. 'සත්‍යය හා යුක්තිය සෙවීම සඳහාත්, මානව අයිතීන් උල්ලංඝණය සම්බන්ධයෙන් වගවීම සහතික වීම හා සහන සැළසීම සඳහාත්' එය පිහිටවුන ලද බව ආණ්ඩුවේ නිල නිවේදනයේ දැක් වේ. එම බලකාය යටතේ දිවයිනේ පළාත් නවය ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති කලාපීය කාර්ය සාධක බලකායන් විසින් උතුරේ අවසාන මිනිස් ඝාතක බිම් ආශ්‍රිතව දිවි ගෙවන යුද පීඩිත ජනයාගේ අදහස් විමසීම ආරම්භ කරන ලද්දේ එයින් හය මසක් ඇවෑමෙන් ජූලි මාසයේදී ය. මාසයක් ඇතුළත ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ පළමු අතුරු වාර්තාව ද අගෝස්තු 08 වැනිදා දා දාතමින් යුතුව නිකුත් කරනු ලැබිණ. නමුත් වින්දිතයන්ගේ අදහස් සළකා බැලීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශය පිහිටුවීමේ පනත 11 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා ලද්දේ යුද පීඩිත ජනයාගේ අදහස් විමසීමේ වැදගත්කම නොතකා හරිමිනි. අගෝස්තු 30 වැනිදා ට යෙදී තිබූ අතුරුදහන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනයේ උතුරු සහ නැගෙනහිර දෙමළ ජනයා යුක්තිය ඉල්ලා යළිත් වීදි බැස්සේ ඒ පසුබිම යටතේ ය.

Popular News

යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් ඝාතනය කිරීමේ…
රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නොකඩවා දශක ගණනාවක් තම දේශපාලන විරුද්ධ වාදීන් විනාශ…
ඔක්තෝබර් 20දා ලෝක සංඛ්‍යාන දිනයයි. එය සංඛ්‍යාලේඛනවල ඇති වැදගත්කම පිළිබඳ…
අපි මෙතෙක් කරපු සාකච්ඡාව තුළ කේන්ද්‍රීය ප‍්‍රශ්නය වුනේ ස්ත‍්‍රීත්වය නැතිනම්…