Monday, 19 February 2018

Latest News

සමකය: හදිසි ආපදා සහ මානුෂීය මෙහෙයුම්

Sunday, 12 June 2016 17:08

කොස්ගම සාලාවේ හමුදා අවි ගබඩාව පුපුරා යාම පිළිබඳ ‘විද්වත් මත’ එමට ය. පරණ ආණ්ඩුවේ දෙකෙන් පංගුවකට වැඩි පිරිසක් හවුල් කරගෙන හදාගත් අලූත් ආණ්ඩුවේ පාක්‍ෂිකයන්ට අනුව මේ පිපිරීම, කලින් ආණ්ඩුවේ අදූරදර්ශීභාවය යළිත් සනාථ කළ සාක්‍ෂියකි. ඒ ආණ්ඩුවේ ඉතිරි අඩ රංචු ගස්වා හදාගත් ඒකාබද්ධ විපක්ෂයේ ‘රාජපක්‍ෂිකයන්ට’ අනුව මේ පිපිරීම, රට දෙකඩ වන බවට සාක්‍ෂියකි. රූපවාහිනී මැදිරි තුළ ස්ථිර පදිංචිකරුවන් වී සිටින අනාවැකිකරුවන්ට අනුව සාලාවේ පිපිරීම මේ ‘දුර්මුඛ වසරේ’ රට පුරා ගිනි බය ඇතිවන බවට ‘නාරද සංහිතාවෙන්’ උපුටා කල් ඇතුව පළකළ සිය දිවැසි වාක්‍ය තහවුරු වීමකි. කොහොමටත්, ගිනි අවි සම්බන්ධ ප‍්‍රාක්‍ෂේප විද්‍යා ප‍්‍රවීණයන් ද, වෝහාරික විශේෂඥයන් ද, යුද චින්තකයන් හා භූ ගර්භ විද්‍යාඥයන් ද ග‍්‍රාම සේවක වසම් මට්ටමින්ම විසිරී බහුල වශයෙන් ජීවත්වන රටක යටපත්ව ඇති ඇත්ත ඉක්මණින් මතුවීම වළක්වනු නොහේ. මේවා බොරු යැයි කියන්නෝ ප‍්‍රවෘත්ති නාලිකා, වෙබ් අඩවි සහ මුහුණු පොත් ගිණුම් ඔස්සේ ප‍්‍රකාශිත ‘විදුහුරු වාර්තා’ පිරික්සා බැලිය යුත්තාහ.

තිලීපන් සැබෑ විමුක්තිකාමියෙකුගේ මතකය

Sunday, 12 June 2016 11:25

උතුරේ ජනයාට විමුක්තිකාමියා දකුණට ත්‍රස්තවාදීයෙකු වූ, දකුණේ විමුක්තිකාමියා උතුරට ත්‍රස්තවාදීයෙකු වූ අදුරු කාලයක සිට අප වර්තමාන ලෝකයට පා නගා ඇත. එහෙත් මොහොතකට සිතුවොත් වර්තමානයේද ඇතැම් තැන් අතීත කලු පැල්ලම් මතින් බිහිව ඇති වග ඔබට වැටහෙනු ඇත.

සක්කාරං දේශපාලනිකයි ; පතිරාජ අදේශපාලනිකයි!

Friday, 10 June 2016 14:13

සක්කාරං ජන ප‍්‍රිය සිනමා විචාරකයන්ගේ සිට සමාජ දේශපාලනික විචාරකයන් දක්වා බහුතරයක් ප‍්‍රතික්ෂේප කරනා විට ධර්මසේන පතිරාජට අනුව මෙය විචාරකයන්ගේ ගැටලූවකි. කලාකෘති සම්බන්ධව ඥානවිභාගාත්මක (Epistemological) සමාජ අරගලයේ සනාතන ගැටලූවක් නැවතත් අපට අභිමුඛ වී ඇත. කට්ටියක් පතීට සීනි බෝල දෙමින් හුරතල් කරමින් සිටිති. තවත් කට්ටියක් සෞන්දර්යාත්මක ගැටලූ මතු කරමින් සිටිති. ‘කඩුල්ල’ (1991) ටෙලිවෘත්තාන්තයට සමාන්තර ශානරයක කතා පුවතක් වූ ‘සක්කාරං’ පැරණි වාමාංශික භාෂාවෙන් කියනවා නම් පතී ප‍්‍රතිගාමී කලාකරුවකු බවට පත් කර ඇත. ඇයි මා එහෙම කියන්නේ?

මේ පාරෙන් එන්න

Tuesday, 07 June 2016 12:47

මේ යන පාර හරිද?

මිනිසෙකුට පියමැනිය හැකි සීමාව අතික්‍රමණය කල මිනිසා

Monday, 06 June 2016 14:27

ඉතිහාසයේ සැබෑ වීරවරයන්ගේ අගය හා වැදගත්කම වඩාත් දැනෙන්නේ ඔවුන් ජීවත්ව සිටි යුගයට වඩා ඉන් පසු යුගයන්ටය. තත්කාලීන බලසබඳතා හා ප්‍රචාරණය තුළින් හෝ යුධ උමතුව තුලින් ඉස්‌මතු වන හුදු දැවැන්ත පුවරුතුල දිස්වෙන වීරයන්ගේ මතකය ඔවුන් බලයෙන් පහව යැමෙන් පසුව ගිලිහී යන නමුත් සැබෑ යුගපුරුෂයන් ගේ මතකය, නිලඹර දිදුලන තාරකාවන් සේ යුගයෙන් යුගයට හා පරපුරෙන් පරපුරට ආලෝකය ලබාදෙමින් හා දිශානතිය සනිටුහන් කරමින් දීර්ඝ කාලීනව පවතී.

කිරුළු නොපලන් මහරජෙකුගේ කඳුළු කතාව....

Tuesday, 31 May 2016 15:55

" ගලෙන්බිඳුණුවැව රාජා "...හෙළ වනපෙතේ කිරුළු නොපලන් මහරජෙකුගේ කඳුළු කතාව....

සමකය: ඒ සංහාරක දවස් - III

Sunday, 29 May 2016 10:44

ල්පාන්ත වියරුවෙන් නොකඩ වට ධාරාණිපාත චණ්ඩ වැසි දියෙන් වටලනු ලැබූ දකුණේ දුගී ගම්බිම් යටකරමින් දඩයමේ ගිය විකල් පස් කඳු යට මිනිස් කුරා කුහුඹුවන් වැළලී ගියේ පසුගිය සතියේ ය.

"සියක්‌ වසරක්‌ හුදකලාවක"

Friday, 27 May 2016 15:29

කොලොම්බියාවේ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්‌ යනු මාක්ස්වාදී දෘෂ්ටියෙන් හෙබි ලොව බිහි වූ විශිෂ්ට සාහිත්‍යධරයෙකි. ඔහු විසින් රචිත "සියක්‌ වසරක්‌ හුදකලාවක" කෘතියට 1982 දී නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබීය. ජීවිතයේ අතිශය දුස්කරතා මැද , පීඩිත බවේ දිනෙන් දින ගිලෙමින් ඔහු මේ අගනා ග්‍රන්ථය ලියනු ලැබීය. මෙම අගන ග්‍රන්ථය ලිවීම ආරම්භ කරන ලද්දේ ඔහු සතු පැරණි ෆෝර්ඩ් රථය විකුණා ගෙදරට කෑම වියදම සපයා ගනිමිනි. පුරා වසරකුත් මාස අටක් නිවසටම ම වී සිය කෘතිය ලියා අවසන් කළේය. ඒ අවසානයත් සමගම ගේ දොර ඉඩ කඩම් සියල්ලම උගසට සින්න වෙමින් පැවතුනි. එහෙත් සිය කෘතිය තුලින් ඔහු ලෝකය ජයගත්තේය.

Popular News

යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් ඝාතනය කිරීමේ…
රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නොකඩවා දශක ගණනාවක් තම දේශපාලන විරුද්ධ වාදීන් විනාශ…
ඔක්තෝබර් 20දා ලෝක සංඛ්‍යාන දිනයයි. එය සංඛ්‍යාලේඛනවල ඇති වැදගත්කම පිළිබඳ…
ඔක්‌තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙනි