Wednesday, 23 May 2018

Latest News

‘ඇගේ ඇස අග’: ඇතුළේ ඒවා ඇතුළේ තියන් පිට ඒවා පිටට දීම

Saturday, 25 June 2016 19:39

මිනිස්සු සමාජයක් විදිහට සැළකුවම එහි පරමාණුක ව්‍යුහය වෙන්නේ පවුල ය. පවුල පිළිබඳ ලෝකය පුරා චිත්‍රපටි බොහෝමයක් නිර්මාණය වී තිබුණ ද තාමත් එය නැවුම් මාතෘකාවක් වීමම එක අතකින් පුදුමයකි. සමාජ අර්බුද පවුල ඇතුළෙන් නිරූපිත නිසාවෙන්ම කලාකරුවෙක් තීක්‍ෂණව පවුලක් තුළට යාම සමාජය විනිවිදීමකි.

සමකය: පොකුරු බෝම්බ ගැන කතා තුනක්

Saturday, 25 June 2016 19:33

පළමු කතාව මෙසේ ය:

වියට්නාම් යුද්ධය ඇවිල ගිය සමයේ එක්සත් ජනපද ගුවන් හමුදා බල ඇණි ඉන්දු චීන අර්ධද්වීපයට ඉහළ අහසේ සිට පොකුරු බෝම්බ මිලියන 260ක් ලාඕසයට හෙලූහ. ඒ නම අවුරුද්දක් ඇතුළත දියත් කළ ගුවන් ප්‍රහාරක මෙහෙයුම් 580,000ක් මගිනි. රටේ ජනගහනය අනුව සළකන්නේ නම් ඒ වනාහී එවකට ජීවත් වූ බාල, මහළු සෑම ලාඕස වැසියෙකුටම බෝම්බ හත බැගිනි. පසුකාලීනව මේ සම්බන්ධයෙන් පළව ඇති විග්‍රහයන්ට අනුව බලතොත්, මේ සමූල ඝාතක ප්‍රහාරයන් වූ කලී, සෑම දිනකම මිනිත්තු අටකට වරක් ලාඕස ජනයා මත පොකුරු බෝම්බ වැස්සක් මුදා හැරීමක් හා සමාන වේ.

දෙමළ මාධ්‍ය මර්දනය: ප්‍රීති වෙසක් ද? කළු මැයි මහක් ද?

Wednesday, 22 June 2016 09:02

එක්සත් ජනතා නිදහස් සන්ධාන රාජපක්‍ෂ පාලන සමයේදී මාධ්‍ය වෙත බරපතල මර්දනයක් එල්ල කෙරුණු මාසය ලෙසින් දකුණේ දී සැලකෙනුයේ ජනවාරිය යි. මේ නිසාම දකුණේ මාධ්‍ය සංවිධාන විසින් ජනවාරි මාසය 'කළු ජනවාරිය'ලෙසින් නම් කෙරුණි. එහෙත් මේ 'කළු ජනවාරිය' ට හේතු වන සිදුවීම් සියල්ලම පාහේ දකුණට අදාළ වූ විශේෂයෙන්ම කොළඹ කේන්ද්‍රීය මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉලක්ක කොට දියත් කෙරුණු ප්‍රහාරයන් ය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය , ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම, සිරස හා සන්ඩේ ලීඩර් ආයතන වලට ගිනි තැබීමට අමතරව කොළඹ දී ප්‍රකාශයට පත් කෙරෙන “සුඩරෝලි” පුවත් පතේ ත්‍රිකුණාමල වාර්තාකරු සුගීතරාජන් ගේ ඝාතනය මීට හේතු කාරණා වශයෙන් දැක්වේ.

රාජපක්ෂ නැති ඕනැ මගඩියක් වෙනුවෙන් අපි

Tuesday, 21 June 2016 12:42

‘‘ ඕවා ගැන අපටත් වවේචන තියෙනවා. නමුත් ඒ කියලා.....මේ ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න ගියොත් ආයෙත් එන්නේ රාජපක්ෂ. ආයේ රාජපක්ෂට ඉඩ තියන්න බැහැ.’’

මේ පාරෙන් එන්න (02 කොටස)

Tuesday, 21 June 2016 11:57

කාලයක් තිස්සෙ ලියන්න කියලා හිතේ තියාගෙන හිටපු අදහසක් අවස්ථාව ලැබුණ නිසා හදිසියේ පිට කළා. ඇත්තටම මේ වෙනකොට ඔබට මං කියන්න යන අලුත් පාර මොකක්ද කියන එක ගැන යම් අදහසක් එන්නත් ඇති, සමහර විට තවම එවැන්නක් ඇතිව නොතිබෙන්නටත් ඇති. කොහොම වුණත් හදිසි වෙන්න දෙයක් නෑ. අලුත් පාරට හදිසියේ වැටුණත් අපි කවුරුත් කලබල නොවී හාත්පස විමසමු. එතකොට තමයි දුර ගමනක් යන්න අපිට හැකි වෙන්නෙ. යන්නේ කොහෙද කියලා කවුරුහරි විමතියට පත්වූවෙක් ඇහුවත් මල්ලෙ පොල් නොකියා, යන ගමන නිවැරැදිව කියන්න පුළුවන් වෙන්නෙත් එතකොටයි. ඉතින් ඔයාලට මතකද පහුගිය සතියෙ මං පෙන්නුවේ වර්ෂයකට ඩොලර් 150,000 ක් උපයන පොහොසත් වෘත්තිකයෙක් වසර අග ඔහුගේ ගිණුම ඩොලර් 0 වන ආකාරය. මේ සතියේ අපි එතැනින් තව ටිකක් ඉස්සරහට යමු.

කුමුදු භූමිවුණ කතාව

Tuesday, 21 June 2016 10:01

භූමි (එතකොට කුමුදු) සහ මම ඉගනගත්තේ එකම පාසැලේ. එය කොළඹ නග‍රයේ තිබෙන පිරිමි ළමුන් පමණක් අධයාපනය ලබන ජනප්‍රිය වර්ගයේ යැයි කියන රජයේ පාසලක්. කුමුදු සහ මම ඒකාලේ යහලුවෝ නොවුනද මම ඔහු ගැන දැනන් සිටියා (ඇත්තම කියනවානම් කවුරුත්ම වගේ කුමුදු ගැන දැනන් සිටියා).

යහපාලනය සිංහල වැඩිමහල් පිරිමින්ගේ ව්‍යාපෘතියක්ද?

Sunday, 19 June 2016 20:38

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීයකරණය හුදෙක් සිංහල පිරිමින්ගේ ව්‍යාපෘතියක් ද යන ප්‍රශ්ණය සද්දයට අසන්නට කාලය දැන් පැමිණ තිබේ. ඊට ආසන්නම හේතුව නම් යහපාලනය මෙකද ? යනුවෙක් මෙම මස ජූනි 21දා පැවැත්වීමට නියමිත මහජනය සභාවේ කථිකයින් සියලු දෙනාම සිංහල වැඩිමහල් පිරිමින් වීමය.

'ජනපතිතුමනි, ඔබ ඉටු කලයුත්තේ ඔබට පැවරු කාරිය පමණි'

Sunday, 19 June 2016 08:27

ගරු ජනාධිපතිතුමන් වෙතයි,

ඔබතුමා ජනතාව අමතා කරපු කතාවේදී කීව දැන් හැම මාධ්‍යයක්ම බැලුවොත් සේරගේම තිබෙන්නේ ඔබතුමා විවේචනය කරන කතා කියල. එහෙම විවේචනය කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඔබතුමා ඒ නිදහස දීල තිබෙන නිසා කියල. ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න එක ගැනත් ඔබතුමා ඉන්නේ කනස්සලෙන් වග පෙනෙනවා.

Popular News

යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් ඝාතනය කිරීමේ…
අපි මෙතෙක් කරපු සාකච්ඡාව තුළ කේන්ද්‍රීය ප‍්‍රශ්නය වුනේ ස්ත‍්‍රීත්වය නැතිනම්…
ඔක්‌තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙනි
රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නොකඩවා දශක ගණනාවක් තම දේශපාලන විරුද්ධ වාදීන් විනාශ…