Wednesday, 17 October 2018

Latest News

මරණ තුනක් ඇති මිනිසා

Sunday, 07 August 2016 10:10

අසුව දශකයේ දවසක ලුෂන් බුලත්සිංහල හොයාගෙන පරාක්‍රම නිරිඇල්ල එනවා ඔහුගේ 'සිරිමැදුර' චිත්‍රපටයේ තිරනාටකයත් අරගෙන චිත්‍රපටියට ගීතයක් ලියාගන්න. තිරනාටකය කියවපු ලුෂන් ට සිහියට එනවා අපේ පැරණි කවියක්.

කියුබානු විප්ලවය අමරණීයකළ ඡායාරූප ශිල්පියා

Friday, 05 August 2016 13:09

ඇල්බර්තෝ දියාස් ගුටියාරෙස් නැතිනම් ලෝකය දන්නා විදියට ඇල්බර්තෝ කෝර්දා යනු කියුබානු විප්ලවයේ බොහෝ සුවිශේෂී අවස්ථා ඡායාරූපයට නැගූ ඡායාරූප ශිල්පියාය.විප්ලවයෙන් පසු ෆිදෙල් කස්ත්‍රෝ නිල ඡායාරූප ශිල්පියා වූ ඔහු ෆිදෙල්ගේ සහ අර්නස්ටෝ චේ ගුවේරාගේ සමීපතම මිතුරකු විය. ඔහුගේ කැමරා කාචයේ සටහන් වූ සෑම රූපයක්ම කියුබානු විප්ලවයේ වැදගත් සංකේතයක් වූයේය.

අපෙන් සමුගත් අමුතු පත්තරකාරයා

Wednesday, 03 August 2016 11:05

ඔහු නමින් චින්තන ජයසේනය. කොලම නමැති තීරු පුවත්පත හරහා මෙරට පත්තර කලාවේ වෙනසක් කළ ඔහු සිත්තර, සිත්සර, අද , හෙට වැනි පුවත්පත්ද නිර්මාණය කළේය. වික්ටර් රත්නායකගේ ‘ස“ ප්‍රසංගයට නම තැබුවේද ඔහුය. චින්තන සිනමා විචාරකයෙක් විදියට ජනපි‍්‍රය වුයේ‘කොලමෙනි’ සිනමා විචාරකයකු ලෙස ඔහුගේ භාෂාවේ රැඳී තිබුණේ නිර්දයභාවය හා උත්ප්‍රාසයයි.

විසි වසරකට පෙර 'කිලිවෙඩ්ඩියේ අමු සොහොන් මතදී ය'

Tuesday, 02 August 2016 21:25

එක් දහස් නවසිය අසූ පහේ මැයි තිස් වැනිදා සේරුනුවර සිට පැමිණි සන්නද්ධ ‍පොලිස් බල ඇණියක් විසින් කිලිවෙඩ්ඩියේ ස්ත්‍රීන් ඇතුලු 36 දෙනෙකු පැහැරගෙන ගොස් අල්ලෛ - කන්තලේ මාර්ගයේ සාලම්පිඩ්ඩි ප්‍රදේශයේදී මරා පුළුස්සා දමන ලදී. භීතියට පත් බොහෝ දෙනා ගම අතහැර සැතපුම් පහක් දුරින් වූ පච්චනූර් හා තෝප්පූර් කරා පලා ගිය අතර පලා යාමට අසමත් වැඩිමහළු අතෙළාස්සක් දෙනා තව දුරටත් එහිම රැඳී සිටියහ. මැයි 31 වැනිදා යළිත් ගම් වැදුණු රජයේ සන්නද්ධ හමුදාවෝ එසේ රැඳී සිටි අට දෙනෙකු වෙඩි තබා මරා දැමූහ.

කෙනෙක් ගැහැණියක් ලෙස උපදින්නෙ නැහැ, ගැහැණියක් බවට පත්වෙනවා.

Tuesday, 02 August 2016 10:21

''Simone de Beauvoir ගෙ එක පොතක් සිංහල භාෂාවෙන් තියෙනවා  'අනුන්ගෙ ලේ' කියලා ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කලා. තව තියෙනවද දන්නෙ නැහැ. මෙයා නවකථාකාරියක් සහ සාංදෘෂ්ටිකවාදය කියන දර්ශන සම්ප‍්‍රදායේ secondSexනැත්නම් හෛඩගරියානු සම්ප‍්‍රදායේ වැදගත් චින්තිකාවක්. ඒ අර්ථ කීපයෙන්ම අපට එයාව වැදගත්. නමුත් මෙතන මූලික වශයෙන් අපට වැදගත් වන්නේ එයා ලියපු The Second Sex කියන පොත දාර්ශනික කෘතියක්, serious දාර්ශනික කෘතියක් හැටියට 20 වන සියවසේ ලියැවුණු වඩාත් බලපෑම් සහගත දාර්ශනික කෘතිය මේකයි.  හොදම කෘතිය කියන එක නෙමෙයි කියන්නේ, ඒක ගැන වාද කරන්න පුළුවන්. මේක හොද ඒවා අතරින් එකක්. ඒ ගැන කිසි සැකයක් නෑ. නමුත් වඩාත් බලපෑම් සහගත; ලෝකයට කරපු බලපෑම ගත්තොත් මේක තරම් බලපෑමක් කරපු වෙනත් serious දාර්ශනික කෘතියක් 20 වෙනි සියවසේ නෑ. 19 වන සියවසේ දී කොමියුනිස්ට් ප‍්‍රකාශනය නම් 20 වන සියවසේ දී මේක තමයි වඩාත් බලපෑමක් කරපු කෘතිය.''

සමකය: යාපනයට පසුවදනක් හෙවත් ‘අන්තය’ හා ‘මැද’

Sunday, 31 July 2016 20:02

අසූ තුනේ කලු ජූලියට තිස් තුන් වසරක් සම්පූර්ණ වූයේ ගෙවී ගිය සතියේ ය. මුත්තූර් හි කිලිවෙඩ්ඩි කුමාරපුරම් ගම්මානයට කඩා වැදී ළමුන් 13 දෙනෙක් ඇතුළු සිවිල් වැසියන් 24 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි දෙහිවත්ත හමුදා කඳවුරේ යුද හමුදා සෙබළුන් සය දෙනෙක් විසි වසරකට පසු නිදොස් කොට නිදහස් කර හැරීමට අනුරාධපුර මහාධිකරණය තීන්දු කිරීමේ පුවත දෙමළ ජනයාට මහත් අස්වැසිල්ලක් ගෙන එනු ඇත්තේ ඒ නිසා ය.

තෙරේසා හා කාන්තා දේශපාලනය

Wednesday, 27 July 2016 16:35

"සාමාන්‍යයෙන් දේශපාලනයට පැමිනෙන කාන්තාවන්ගේ අතිමහත් බහුතරය දේශපාලන පවුලක කාන්තාවන්ය. දේශපාලනයට පැමින ඉහලම තැනකට ගමන් කල කාන්තාවන් ගතහොත් ඔවුන්ගෙන් දේශපාලන පවුලකට සබඳතාවයක් නොමැති කාන්තාවන් ඇත්තේ නොගිනිය හැකි තරම් වූ කුඩා ප්‍රතිශතයකි තෙරේසා මේ වැදගත් වන්නේ දේශපාලනමය පසුබිමක් නොමැතිව පැමිනි ගමන නිසාවෙනුයි. දේශපාලන පවුල් වල කාන්තාවන් දේශපාලනයට එනවාට වඩා නිවැරදි දේශපාලන දර්ශනයකින් යුතු කාන්තාවන්ගේ පවුල් දේශපාලන පවුල් බවට පත්වන ප්‍රවනතාවයක් ඇතිකල හැකිනම් වත්මන් සමාජයත් , ලෝකයේම කාන්තාවගේ තත්වයත් මීට වඩා බෙහෙවින් යහපත් වනු ඇත."

යාපනයේ මානවවාදී නාට්‍යකරුවා

Wednesday, 27 July 2016 11:04

මේ ආචාර්ය එම් සන්මුගලිංගම්. කුලන්දෙයි සන්මුගලිංගම් කියලත් ඔහුව හඳුන්වනවා. ඒ දෙමළ ළමා නාට්‍ය කලාවට ඔහු කළ සේවය අගය කිරිමක් ලෙසිනුයි. ආචාර්ය සන්මුගලිංගම් ලාංකේය දෙමළ නාට්‍ය කලාවේ නොමැකෙන සටහනක් තැබූ පුද්ගලයෙක්. ඔහුගේ සුවිශේෂිත්වය වන්නේ අධ්‍යාපනික නාට්‍ය සම්ප්‍රදායක් යාපනයට උරුම කර දුන් නිසයි. 1978දී ඔහු යාපනයේ දරුවන්ට නොමිලයේ නාට්‍ය හා රංගකලා පාසලක් ආරම්භ කළා.

Popular News

ඔක්තෝබර් 20දා ලෝක සංඛ්‍යාන දිනයයි. එය සංඛ්‍යාලේඛනවල ඇති වැදගත්කම පිළිබඳ…
අපි මෙතෙක් කරපු සාකච්ඡාව තුළ කේන්ද්‍රීය ප‍්‍රශ්නය වුනේ ස්ත‍්‍රීත්වය නැතිනම්…
යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් ඝාතනය කිරීමේ…
ආණ්ඩුවේ ජාතික සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය යටතේ ප්‍රවිචාරණ…