Wednesday, 23 May 2018

Latest News

මාලන් බ්‍රැන්ඩෝලා මොන නළුවෝද?

Tuesday, 23 August 2016 15:29

1973 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස ගෝඩ් ෆාදර් චිත්‍රපටයේ රඟ පෑ සුපිරි නළු මාලන් බ්‍රැන්ඩෝ ගේ නම කියැවෙනවා. 1951 වසරේ ඉඳලා පස් වතාවක් මේ සම්මානයට නිර්දේශ වුණු බ්‍රැන්ඩෝ 1954 වසරෙදී සම්මානය දිනාගෙනත් තිබුණා. නමුත් හැමෝම බලාගෙන හිටියට මේ සුපිරි නළුවා වේදිකාවට ගොඩ වුණේ නැහැ. හොලිවුඩ් චිත්‍රපටවල සුළු චරිත රඟපාන ස්වදේශික සම්භවයක් තියෙන සචීන් ලිට්ල්ෆෙදර් වේදිකාවට පිවිසුණා. ඇය ඇඳන් ඉන්නෙත් ඇගේ ගෝත්‍රයේ රතු ඉන්දියානු ඇඳුමක්. බ්‍රැන්ඩෝගේ හොඳම නළුවා සම්මානය එපා කියලා අතින් සන් කරන සචීන් මයික්‍රෆෝනය ළඟට ගිහින් තමන්ව හඳුන්වාදෙනවා. ඉන්පසුව මාලන් බ්‍රැන්ඩෝගේ පණිවුඩය කෙටියෙන් පවසනවා. තමන්ම කූපන් පුරවලා තැපැල් කරලා ජනප්‍රිය නළුවා හෝ නිළිය වෙන රටක ඉන්න අපිට නම් ඔස්කාර් සම්මානයක් එපා කියන එක තරම් තවත් මෝඩකමක් නැහැ නේද? ඒත් බ්‍රැන්ඩෝට තිබ්බේ වෙනස්ම හේතුවක්. ඒ වෙනකොටත් දියුණුවේ නාමයෙන් ස්වදේශික ජනතාවගේ සියලුම අයිතින් උදුරාගෙන , නීතියෙනුත් , සමාජයෙනුත් ඔවුන්ව කුණු මාළු ගාණට වට්ටවලා තිබ්බා. ඒ මදිවට රිදී තිරයෙනුත් ස්වදේශික ජනතාවගේ හිත් පාරවන හැටි දැකපු බ්‍රැන්ඩෝ ගේ සිතත් පෑරෙනවා. "අපි සිනමාවේ දකින ස්වදේශිකයා නිතරම ම්ලේච්ඡයෙක් සහ ලේ පිපාසිතයෙක් වේ. ඒවා නරඹන අහිංසක ස්වදේශික දරුවන්ගේ හදවත් තුවාල වී ලේ ගලා යනු නැවැත්විය නොහැකිය" ඒ වචන බ්‍රැන්ඩෝගේ . කියන්නේ සචීන් ." රතු ඉන්දියානු දරුවන්ගේ හදවත් වලඉන් ගලන ලේ දැක දැකම මට මේ සම්මානය භාර ගත නොහැකිය" එහෙම කියන සචීන් හොඳම නළුවාගේ පණිවුඩය අවසන් කරලා සම්මානෙත් එපා කියලා වේදිකාවෙන් බැහැලා ගියා.

ලිංගික අනන්‍යතාව යනු අප විසින් රගදක්වනු ලබන දෙයයි.

Tuesday, 23 August 2016 15:11

කුමරියක පා සළඔ සැලූනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඔසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිඳුනා

සළුවේ පැටළුණු ජැමෙයිකානු කඟවේනා

Monday, 22 August 2016 11:09

මේ දිනවල වැඩිපුරම කතාබහට ලක් වී ඇත්තේ උසේන් බෝල්ට් ය. අසිරිමත් ඔලිම්පික් ක්‍රීඩා වංශ කතාවේ තම නමට ඇති පරිච්ඡේදය අලුත් කළ බෝල්ට් පෙරේදා රියෝ ද ජැනයිරෝ නුවර දී මීටර් 100 සහාය දිවීමේ තරගයේ රන් පදක්කමත් ජැමෙයිකාවට ලබාදෙමින් ලෙහෙසියෙන් වට්ටන්නට නොහැකි වාර්තාවක් පිහිටුවූයේ නොකඩවා ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුනකදී රන් පදක්කම් ත්‍රිත්වයකට හිමිකම් කී පළමු හා එකම ක්‍රීඩකයාගේ වාර්තාව තබමිනි.

ඔහු තමයි ආත්මය ඔහු තමයි පරමත්වය ඇය තමයි අනෙකා

Friday, 19 August 2016 14:47

මේ ගැහැණීය සහ ශරීරය අතර සම්බන්ධය මොකක්ද ඇත්තටම මොකක්ද කියල අපිට උත්තරය හොයල දෙන්න සිමොන් දි බෝවා චින්තන ඉතිහාසය පෙරලමින් නොසෑහෙන මහන්සියක් අරන් තියෙනවා.

සමකය: හමුදාවට එරෙහි ‘රාජ්‍ය කුමන්ත‍්‍රණ’

Sunday, 14 August 2016 09:21

අතුරුදහන්වූවන් පිළිබඳ විමර්ශන කාර්යාංශයක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත මේ බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ගෙන ඒම ‘රණවිරු හමුදාවන්ට එරෙහි කූට සහ දුෂ්ඨ’ කුමන්ත‍්‍රණයකැයි වරලත් දේශ හිතෛශීහු කියා තිබේ.  ඒ අනුව පනතෙහි අඩංගු ‘භයානක’ වගන්ති 10ක් ගැන සංත‍්‍රාසය දනවන විග‍්‍රහයක් ‘දිවයින’ පත‍්‍රයට ලියා තිබූණේ දේශ හිතෛශීන්ගේ මහා ලේකම්වරයා විසිනි. රාජ්‍ය හමුදාවන් විසින් දඩයම් කරනු ලැබීමෙන් ගැළවෙනු වස් හය වසක් සැඟවී සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරට වෙදකම් කිරීමෙන් ලද අත්දැකීම් පිළිබඳ ත‍්‍රාසජනක මාලා කතාවක් ‘ලංකාදීප’යට කියන අතරේම, ඒ විජේවීර බොරැල්ල කනත්තේදී පණ පිටින් පුළුස්සා මරා දැමූ රාජ්‍ය හමුදාවන් පාවා නොදෙනුයි ‘දිවයින’ට ලිවීමේ ඔළු දෙකේ දේශ හිතෛශී පිළිවෙත වනාහී පැසසුම් ලැබිය යුතු තරමේ ‘වික‍්‍රමයකි’.

'මම උවමනාවෙන්ම පරදින්න හිතුවා' - සෝලා බඩ්

Friday, 12 August 2016 14:48

වසර තිස් දෙකකට පෙර අද වැනි දවසක 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී මේරි ඩෙකර් ගේ සහ සෝලා බඩ් ගේ පදක්කම් සිහිනය අවාසනාවන්ත ලෙස බිඳ වැටිණි.

හිතාදර එල්මෝ අයියේ....ඔබට සුබ ගමන්!

Friday, 12 August 2016 11:12

එය අසූව දශකයේ අවසාන භාගයයි. මා එවකට බොරලැස්ගමුව මහා විද්‍යාලයේ 7 වන හෝ 8 වන වසරේ අධ්‍යාපනය ලබමින් පසු විය. උතුරේ වර්ධනය වෙමින් පැවති දෙමල සන්නද්ධ අරගලයට අමතරව දකුණ ද භීෂණයේ ගොදුරක් බවට පත්ව තිබුණි. ලෝකයේ කොතැනක වුවද සිදුවෙන්නාවූ පරිද්දෙන්ම අර්බුදකාරී වාතාවරණය තුල ”සත්‍යය “ අනතුරේ වැටී තිබුණු මොහොතකි. රාජ්‍ය පාලිත විද්‍යුත් සහ සහ පුවත්පත් කිහිපයකට පමණක් සීමා වී තිබුණු මාධ්‍ය වපසරිය තුල රටේ සිදුවන දෑ පිළිබඳව සැබෑ තත්වය දැනගැනීමට තිබුණු ඉඩ කඩ ඉතා සීමා සහිත විය. ඒ පසුබිම තුල, මගේ තාත්තා එවකට අප සතුව තිබු බැටරියෙන් පණ ගැන්වුණු ගුවන් විදුලි යන්ත්‍රයට , දිනපතා රාත්‍රීයේ වයර් කැබලි දෙකක් අමුණා වහලය දෙසට ඇද කෙටි තරංග ඔස්සේ පිලිපීනයේ මැනිලා නුවර සිට විකාශය වූ “වෙරිටාස්” ගුවන් විදුලිය් ප්‍රවෘත්ති විකාශයට සවන් දුන්නේය. රටේ සිදුවන දෑ සම්බන්ධයෙන් හරිහමන් යමක් දැන ගන්නට නම් “වෙරිටාස් ” ප්‍රවෘත්තිවලට සවන් දිය යුතු බව ඔහුගේ මතය විය.

හඬ මාධුර්යයෙන් යථාර්ථය ගීතවත් කළ කෝකිලයා

Wednesday, 10 August 2016 15:58

ස්වර වර්ණ මනාව ගෙත්තම්කර පීඩිත ජන නාදයේ හඬ මාධුර්ය මොනවට පෑ ගායකයකු මෙරට සිටියේ නම් ගුණදාස කපුගේය. අගෝස්තු 07වැනිදාට ඔහුගේ 71 වන ජන්මදිනය යෙදී තිබුණි. මිය යන විට 57 වැනි වියේ පසු වූ ඔහු දශක තුනකට අධික කාලයක් පුරා ස්වකීය හඬ මාධුර්ය ඔස්සේ පොදු ජන විඥානයට ආමන්ත්‍රණය කළේය. ඔහු මෙරට ජනතාවගේ අධ්‍යාත්මයන්හි සැරිසරමින් ජීවිත අරගලයන්ට විමුක්ති මාර්ගය කියාදුන්, ඔවුන් නින්දෙන් අවදි කරවූ සොඳුරු අඬහැරය විය. අමතක කළ නොහැකි ඒ සොඳුරු කොකිලයාගේ මතකය වෙනුවෙන් මේ සටහන තබන්නට සිතුවේ එනිසාය.

Popular News

යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් ඝාතනය කිරීමේ…
අපි මෙතෙක් කරපු සාකච්ඡාව තුළ කේන්ද්‍රීය ප‍්‍රශ්නය වුනේ ස්ත‍්‍රීත්වය නැතිනම්…
ඔක්‌තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙනි
රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නොකඩවා දශක ගණනාවක් තම දේශපාලන විරුද්ධ වාදීන් විනාශ…