Sunday, 25 October 2020
මෛත්‍රී දිවියේ නොදන්න කතා..

මෛත්‍රී දිවියේ නොදන්න කතා.. Featured

ශ්‍රීලනිපයට ත් 64යි : මෛත්‍රීටත් 64යි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හැට හතරවැනි (64) ජන්ම දිනය අදට (03) යෙදී තිබේ.

වසර 1951 සැප්තැම්බර් මස 03 වැනිදා ගම්පහ, යාගොඩ, ග්‍රාමයේ උපත ලැබූ පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල යාපා සිරිසේන හෙවත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට හත්වැනි හා වත්මන් ජනාධිපතිවරයාය.

ඒ මහතා එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා විසින් 1951 සැප්තැම්බර් 02 වැනිදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පිහිටුවා දිනකට පසු උපත ලබා එම පක්‍ෂයේ සභාපති තනතුරට මෙන්ම මෙරට ජනාධිපති තනතුරටද පත්වීම විශේෂත්වයකි.

වසර 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබ මෙරට ජනාධිපති ධුරයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසු සමරන පළමු ජන්ම දින සැමරුම මෙය වීමද විශේෂත්වයකි.

ඔහු 1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්‍ය ධූර කිහිපයක් ද දරන ලද අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද සෞඛ්‍යය ඇමති ධූරය ද 2014 නොවැම්බර් මස විපක්ෂ සන්ධානයේ "පොදු අපේක්ෂක" ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කරන තෙක් දරන ලදී.

නව යෞවනයෙකු ලෙස සිරිසේන මහතා කොමියුනිස්ට්වාදය ගැන උනන්දු වූවෙකි.

සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) පොළොන්නරුව තරුණ ලීගය හා එක්ව ඇත්තේ 1967 දීය.

ඔහු 1971 දී ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල සමයේ සිරගතව ද සිට ඇත.


රට පුරා වෙහෙර විහාරස්‌ථාන හා ආගමික ස්‌ථානවල ජනාධිපතිවරයාට සෙත්පතා පිංකම් රැසක්‌ සංවිධානය කර ඇත.

අද පෙරවරු 10.00 ට පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී සෑ රදුන් අබියසදී විශේෂ ආශීර්වාද පිංකමක්‌ද පෙරවරු 10.00 ට පොළොන්නරුව ගල්විහාරයේ රන්කොත් විහාරය අබියස ජය පිරිත් දෙසුමක්‌ද පැවැත්වේ. සවස 7.00 ට දොඩම්පහළ රාහුල හිමියන් විසින් පවත්වන ආශීර්වාද පූජාවක්‌ද සිදුකෙරේ.

ඇත්ත මෛත්‍රී

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වසර 64 ක දිවිගමනේ හා 47 වසරක දේශපාලන දිවියේ නොමැකුණ සටහන් හා නොදන්නා කතා සතිපතා අප මේ තීරයේ පළ කිරීමට කටයුතු යොදා තිබේ.

එහි පළමු දිගහැරුම ලබන සැප්තැම්බර් 07 වැනිදා එළි දකී.

 

Last modified on Thursday, 03 September 2015 09:53