Wednesday, 23 May 2018
පුලාන් නම් වූ ඇය...

පුලාන් නම් වූ ඇය...

තාත්තා අම්මා තමන්ගේ අසර්ණ දුවව දූෂණය කරන්න එපා කියලා ඉල්ලද්දී පියෙකුගේ ඉස්සරහම පොලිස් කාරයන් අතින් දූෂණය වෙලා කෙල්ලෙක් ගැහැනියක් වෙනවා...

"ඕකි අර කාකි කාරයන්ගේ අතින් තැලිලා ඉන්නේ ලස්ස්න උනාට වැඩක් නෑ" සමාජේ අනෝරාවිද කතා අහලා අවසානේ ඒ පොලිස් ස්ථානය ඇතුලුව පොලිස් ස්ථාන පහලවක් .. නිලදාරීන් සිය ගනනක් ඝාතනය කරන්න තරම් ඒ ගැහැණිය යක්ශනියක් උනා..

තාත්තාකෙනෙක්" දුවව පාපතරයෙක් අතින් දූෂණය වෙනවා බලාගෙන ඉන්න වෙනකොට..ඒ හැගීම..ඔබම හිතන්න...

අවසානයේ තමන්ගේ සලු ගැලවූ ස්පෙක්ටර් ව මරන්නේ කෙල ගහලා ඔහුගේ දරුවන් ඉදිරියේ..ම... පුංචි කෙල්ලක් මුලුමහත් භාරතයම සොලවනවා.. අමන පාලකයන්ට සහ උන්ගේ කටු ලොවන ආරක්ශකයන්ට මේ කෙල්ලගෙ නම ඇහුවත් ඇදි වතේ මුත්‍ර පිටවෙනවා..

කුල හීන බාවය නිසා වංශවතුන්ගේ පීඩනයට පමනක් නොවේ මේ රුවැති තරුණිය ලිංගික හිසනයට පවා පත් වෙනවා.. සමාජ අයුක්තිය ස්ත්‍රී දූෂණය .. කුල වාදය කර පින්නා ගත් උන්ට ඇය තම අවියෙන් හිස් සිදුරු වෙන්නට වෙඩි තබා ජය ගෝශා කලා.

ඇය පමනක් නෙමේ ඇය වටා මහා ජනකායක් එකතු වෙනවා.අවසානයේ ඇගේ ජීවිතය විනාශ කල අක් මුල් සියල්ල පොලෝ යට තැන් පත් කල පසු ඇය සිය හමුදාව විසුරුවා හැරලා නීතියට බාර වෙනවා.. වසර දාසයක් සිරදඬුවම් විදි ඇය නිදහස්ව විත් මහජන චන්දයෙන් උත්තර් ප්‍රාන්ත පාර්ලිමේන්තු නියෝජිත්වරියක් වී පසුව ගහලයෙකුගේ වෙඩි උන්ඩයකින් උත්තරීතරයි කියනා පාර්ලිමේන්තු ව ඉදිරියේම ඝාතනය වෙනවා..එහෙම වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුල මිසක් ඇගේ සටන් බිම තුල නෙමේ.. ඇයව කිසිම විටෙක ඝාතනය කරන්නට නෙමේ දුටුවත් මුත්‍ර පහවෙන අදමයන් ඇයව ඝාතනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට එනකම් ඉදලා... අවි බිම තබනකම් ඉදලා.. ඉතින් ඇය යකඩ ගැහැනියක්..

කොහොමද ගැහැනියක් යකඩ වෙන්නේ.. උපතේ දී පමනක් නොව විපත දක්වාම ගැහැනියක් ජීවිතේ ගෙවන්නේ සියුමැලිව. එහෙමයි ගැහැනියක් ඉන්න ඕන.. සමාජය කියන්නේ ඒකයි... ඒ කියන්නේ කාන්තාව කියන්නේ ලෝකේ හැම වේදනාවක්ම උහුලාගෙන ලිප් බොක්කේ තැපිය යුතු වහලියක්ද.. ඇයත් හිටියා එහෙම කාලයක් සියලු අසාධාරණයන් ඉවසගෙන.. ඒත් එහෙම ඉන්න ගැහැනියම දවසක නැගිටිනවා අයුක්තියට එරෙහිව.. අන්න ඒකයි ඇය මුලු ලෝකයේම ගැහැනියට කියා දුන් පාඩම...

ආදරය විරහව ප්‍රේමය වෛරය සමාජ දූෂණය අතර මැද සටන් කල ඇය ලාංකීය සමාජයේ සෑම පීඩිත කාන්තාවක්ම කියවා ගත යුතුම චරිතයක්.. අවාසනාවට මුග්ද පාලකයන් ඇගේ කතාව සදහන් කිසිම පොතක් පුස්තකාල පොතක් වශයෙන් පිලිගෙන නෑ.. එතැනින්ම හිතාගන්න ඇය ඉංදියාවේ දූශිත පාලකයන්ට පමනක් නෙමේ ලංකාවේ අමනයන්ටත් මරු පහරක්..

" ඇය නමින් පූලාන් දේවි"

ඇයටත් තිබුනා දූෂණය වූ නිසා ඉංදියාවේ අනෙක් කාන්තාව සේම සිය දිවි නසා ගන්න එහෙත්.. ඇය සටන් කලා තමන්ගේ පති වත නිදහස අහිමි කරගනිමින්.. අනෙක් ගැහැනිය වෙනුවෙන්..

. වසර ගනනාවකට පස්සේ සිංහල පරිවර්තනයක් ආයේ කියවලා මම අරපරිසමට තියගෙන ඉන්නවා.. දවසක මගේ පෙම්වතියට දෙන්න.....

ගැහැනියක් සූර දූතිකාවක් වන්නේත් යක්ශනියක් වන්නේත් සමාජයේ ක්‍රියා පටිපාටිය මගින්මය =පූලාන් දේවි...

මේ වෑයම ලයික් කමෙනට් උදෙසා නොව අසාධාරණය හමුවේ සටන් කරන තවත් පූලාන් දේවිලා දකිනු පිණිසය......

Poolan1 600px 16 10 24