Tuesday, 19 January 2021
යුරෝපා චිත්‍රපට උළලේ අවසන් දිනය හෙට

යුරෝපා චිත්‍රපට උළලේ අවසන් දිනය හෙට

යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස සංවිධානය කරනු ලබන යුරෝපා චිත්‍රපට උළෙල මේ දිනවල කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ.

පසුගිය බදාදා (28) ආරම්භවූ මෙම චිත්‍රපට උළෙල හෙට දක්වා පැවැත්වෙන අතර හෙට දිනයේදී චිත්‍රපට 5ක් ප්‍රදර්ශනය කිරීමට නියමිත වේ.

හෙට පෙරවරු 10.30ට ජර්මානු චිත්‍රපටයක් වන 'ෆීනික්ස්' ප්‍රදර්ශනය කරන අතර පස්වරු 3.30ට ශ්‍රී ලාංකීය චිත්‍රපට 2ක් වන 'අබ සරණයි' සහ 'මෝගන්' ප්‍රදර්ශනය කිරීමට නියමිත බව පැවසේ.

එමෙන්ම පස්වරු 6.30ට ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වන 'සෙරුඉක්කාලම්' සහ ස්විස්ටර්ලන්තයේ 'බ්ලැක් බ්‍රදර්ස් ' චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා ඇත.

මෙම චිත්‍රපට උළෙල මහජනතාව සඳහා විවෘතව පවතින අතර සියලු චිත්‍රපට නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.